ආරක්ෂකඋණුසුම් පුවත්

දුන්නොත් ඈ ගැන නිවැරදි තොරතුරක් ලක්ෂ 12ක තෑග්ගක්!

ඝාතකයාට ගිනි අවිය දුන් 25 හැවිරිදි කත

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය පවසයි.

ඉෂාරා සෙව්වන්දි නමැති 25 වියැති මේ කාන්තාව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ ඝාතකයාට ගිනි අවිය දී ඔහුගේ ඝාතනයත් සමඟ ම උසාවි භූමියෙන් පළා ගිය තැන පටන් මේ දක්වා ඈ ගැන කිසිදු තොරතුරක්හොයා ගන්නට පරීක්ෂණ මෙහෙයවන පොලිසියට හැකි වී නැත.