රන් ආලේපිත ටී 56 ක් ගැන යි ඒ
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මැයි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ T56 රන් ආලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන් ඔහු ෙපාලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යි.
අද (24) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
හේ ඊයේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි
හැව්ලොක් සිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් ළඟ තිබී පොලිසියට ලද දුරඇමතුමකින් පසු සොයා ගන්නා ලද රන් ආලේපිත T56 ගිනි අවිය දිසානායක මහතා විසින් ඒ කාන්තාවට දී තිබුුු බවට පොලිසිය විසින් අනාවරණය කරගත් කරුණු අනුව යි.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක දී දිසානායක මහතා අත්අඩංගුවට ගනු ලැබිණි.