උණුසුම් පුවත්

දුරුතු පුන් පසළොස්වක පෝය අද යි

බුදුන් වහන්සේ ගේ පළමු ලංකා ගමන ද අද වන් දිනෙක සිදු විය

බුදුන් වහන්සේ ගේ පළමු ලංකා ගමන සිදුවූයේ අද වැනි පුන් පෝ දිනකයි. ඒ මහියංගණයට යි. තුන් බෑ ජටිලයන් දමනය කොට ඔවුන් බුදු සසුනට එක් කර ගන්නා ලද්දේ ද දුරුතු පෝ දා ක ය.

අද උදේ පටන් ම සැදැහැති බෞද්ධ ජනතාව විහාරාරාම කරා පැම්ිණෙමින් ආගමික වතාවත් හි නියැළෙනු දැක ගත හැකි විය. දළඳා සමිඳුන් වෙත අලුත් සහල් මංගල්‍යය සිදු කෙරෙන්නේ ද අද ය