ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පස්වරු 3. 00 ට
සම්මානනීය ගත්කතුවර දෙනගම සිරිවර්ධන සොවුරාණන්ගේ ස්වයං චරිතාපදාන කෘතිය ''දෙනගම වත'' අද (07) පස්වරු 3. 00 ට කොළඹ නිදහස් චතුරස්‍ර මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ජනගත කෙරේ.
කෘතහස්ථ සාහිත්‍යධර නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා ගේ මුලසුනින් යුත් මෙම උලෙළේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහැදුරු ප්‍රණීත් අබේසුන්දර, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛනාගාර මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ හා ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා යන මහත්වරු දෙනගම ගේ, දෙනගම වත ගැන දෙසුම් පවත්වති.
දෙනගම සිරිවර්ධන විසින් නිර්මාණ කෘති 176 ක් ලාංකේය ජනතාවට දායාද කර ඇත. එයින් කෘති 22 ක් දෙමළ බසට ද නිර්මාණ 15 ක් ඉංග්‍රිසි බසට ද පරිවර්තනය කෙරී ඇත. ඔහු අගනුවර දී 'එක්තරා පොලිස් නිලධාරියකුගේ කතාවක්' කොළඹ ටවර් රඟහලේ දී එළිදක්වනු ලැබී ය. ඔහු ලියූ 'අයෝමා' නවකතාව සිනමාවට නැඟුණි. ඒ පරාක්‍රම නිරිඇල්ල ගේ විසිනි.
සේනක බිබලේ ගේ චරිත කතාව 'යුගයේ මිනිසා' නමින් ද 'මිතුරෝ' යොවුන් නවකතාව ද ලියූ දෙනගමට ඒ සඳහා පිලිපීනයෙන් මෙන් ම ස්පාඤ්ඤයෙන් ද සම්මාන පිරිනැමුණි.
ජීවන ගමන් මඟේ අසූ වැනි සැතැපුම පියමං කරනා දෙනගම සිය ජීවිත කතාව ලියා පළ කරන්නේ අසූවැනි හවුරුද්ද ඉක්මවද්දී ය