උණුසුම් පුවත්නව නිපැයුම්පරිසරයවිනෝදාස්වාදසාහිත්‍යය හා කලාව

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON – 12 සිහින කිරුළ ජනනි ඉමත්මා ගේ හිසට

අනුශූරතාවය අනූපම ගුණතිලක

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර "දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 සිහින තාරකාවිය ලෙස කිරුළු පැලඳීමට ජනනි ඉමත්මා අද (18) අලුයම 1. 00 පමණ සමත්කම් පෑවා ය.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ය.
දෙරණ ඩ්‍රීම් ස්ටාර් අනුශූරතාවය දිනා ගත්තේ අනූපම ගුණතිලක ය.   

තෙවන ස්ථානය හිමිවූයේ  බ්‍රයන් හෑන්ග්ස් ගායකයාට යි.

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර - දෙරණ ඩ්‍රීම්ස්ටාර් 12 වැනි අදියර සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉදිරිපත් වූ දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් දක්ෂයින් තිදෙනෙකු අවසන් මහා තරගයේ අති දැවැන්ත ප්‍රාසංගික වේදිකාව මත ඩ්‍රීම්ස්ටාර් කිරුළ වෙනුවෙන් අද රාත්‍රියේ තරග වැදුණි.