ආරක්ෂකඋණුසුම් පුවත්

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරියේ ද්විත්ව ඝාතනයක්

මිතුරකුගේ උපන් දින සාදයකට එක් වී නිවෙස් බලා එද්දී දඩයක්කරුවන්ගේ ඉලක්කවෙලා

දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ මිතුරකුගේ උපන්දින උත්සවයකට හවුල් වී, නිවෙස් බලා එමින් සිටියදී පසුපසින් හඹා ආ වැන් රථයක්  ඔවුන් ගේ යතුරුපැදියේ ගැටෙන්නට සලස්වා වෙඩි තැබීම සිදුකර ඇතැ යි පොලිසිය කියයි.

ටී-56 වර්ගයේ ගිනි අවියක් ද මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද ඝාතකයෝ භාවිතා කර ඇත.  ඝාතකයින් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් අතුරු මාර්ගයක දී ගිනිතබා තිබිය  තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම වෑන් රථය තුළ ටී - 56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබේ.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ටී - 56 උණ්ඩ කොපු 39 ක්, ජීව උණ්ඩ 02 ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02 ක් හා ජීව උණ්ඩ 02 ක් සොයාගැනීමට පොලිසිය සොයාගෙන ඇත.

රටින් බැහැරව සිටින බාලෙ මල්ලී නතැත්තා ගේ මෙහෙයවීමෙන් මේ ද්විත්ව ඝාතනය සිදු කර ඇති බවට විශ්වාසයක් පවතී.

මෙම ද්විත්ව ඝාතනයය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු සිදු කරයි.