ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම එකතු කරන්

බදුගෙවන්නන් සැමට කෘතඥතාවය

ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළ ම බදු ආදායම 2025 වසරේ නොවැම්බර් 17 වන විට රුපියල් මිලියන 2. 002, 241 ක්  පමණ වේ. 

මෙය ඉකුත් 2024 වසරේ සමස්ත ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60079 ක වැඩිවීමක් බව දේශීය ආදායම් කොමසාරිස් පවසයි.

පවත්නා බදු නීතියට අනුගත වෙමින්, රටේ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවුුුුුුම්රුවන්ටත් නේක විධියෙන් උදව් කළ හා සහයෝගය දුන් සැමටත්  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය කෘතඥතාවය පළ කරයි.

2024 වසරේ රැස් කරන ලද රුපියල් මිලියන 1, 942, 162  බදු ආදායම සසැඳීමේ දී මේ හරහා රාජ්‍ය මුල්‍ය තත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමට දෙපාර්තමේන්තුව විසින් ප්‍රශංසනීය දායකත්වයක් සපයා ඇතැ යි ද කොමසාරිස්වරයා නිකුත් කරැති නිවේදනයෙහි දැක්වේ.