උණුසුම් පුවත්කාලීන

නන්ද හාමුරුවෝ දැයෙන් සමු ගත්හ

දායක දායිකාවන් මෙන් ම අති මහත් ජනකායක ගේ සෝ සුසුම් මැද උන්වහන්සේ ගේ දේහය චිතකයට ඇතුළු කෙරුණි

අපවත් වී වදාළ බටපොළ සුභද්‍රාරාම මහා විහාරාධිපති පූජ්‍ය බටපොළ නන්ද හිමිපාණන් වහන්සේ ගේ අදාහන පූජෝත්ස්වය අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් බටපොළ ඊරියගහදොළ පොදු ක්‍රීඩාංගණයේදී 4 දා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි .
මෙම අවස්ථාව ට පැවිදි නායක හිමියන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම අවස්ථාව ට හිටපු කථානායක ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩීව් ගුණසේකර, සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, සම්පත් අතුකෝරළ, නාමල් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුද සහභාගි වී සිටියහ.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවා තිබූ ශෝක පණිවිඩයක් සභාවට ඉදිරිපත් කරන ලදී .
අදාහන පෙරහැර විහාරස්ථාන යෙන් ප.ව.1. 30 ට පිටත්ව ප.ව.3. 00 ට ඊරියගහදොළ ක්‍ර්‍රීඩා පිටියට ළඟා විය. ඉන් අනතුරුව උත්සව සභාව ආරම්භ කෙරිි .
උත්සව සභාවෙන් අනතුරුව ප.ව.6.00 ට චිතකයට ගිනි දැල්වීම සිදු විය.