උණුසුම් පුවත්දේශපාලන

නලින්ද ගෙන් මහින්ද කෑ ටොක්ක

මම නෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හේ කියයි

“මම නෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. තෙල් ගබඩා කිරීමේ පහසුකම් ගැන දන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථා සභාපතිතුමා මේ ගැන අදහස් ප්‍රකාශ කළා. තෙල් සංස්ථාව භාර ඇමති විදිහට කුමාර ජයකොඩි මේ ගැන ප්‍රකාශයක් කළා. රජයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට මම කීවා. ඔබ විමසන අවස්ථාවේ මාස දෙකහමාරකට ආසන්න තෙල් සංචිත තිබුණා. රටේ ජනතාවට ඒ අවස්ථාවේ තිබුණේ තෙල් ඉවරවේද කියන ප්‍රශ්නය. ජනතාව බූලිවලට බැරල්වලට තෙල් එකතු කරන්න ගත්තා. දැන් ඒක ඉවරයි. අපට තෙල් තිබෙනවා, මාස දෙකකට ආසන්න ප්‍රමාණයක්. ඒ ගැන අපි සහතික වෙනවා.”
 සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති මෙන් ම,  කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එවදන් පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය  
දෙරණ රූපවාහිනී නාලිකාවේ වාදපිටිය වැඩසටහනට එක්වූ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමති ජයතිස්ස මහතා එසේ සඳහන් කළේ ය. 
මාස දෙකකට අවශ්‍ය ඉන්ධන සංචිත රට තුළ ඇතැයි ආණ්ඩුවේ කිසිවකු විසින් ප්‍රකාශයක් කර නැතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වාදපිටියේ දී කීවේ ය.
''එතරම් සංචිතයක් රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් ද රට තුළ නැති බවද කී හෙතෙම  පැවති ආණ්ඩුවලින් ඒ සඳහා වන ගබඩා පහසුකම් මෙන්ම තෙල් ප්‍රවාහන නල පද්ධතින්ද  ඉදිකර නොමැති බවට ද ඔහු  වාදපිටියේ දී  කලින්ද රට කරවූ ඇත්තන්ට චෝදනා නැඟී ය. 

රටේ තෙල් සංචිත පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස තමන් ද රට හමුවේ නිවැරදි ප්‍රකාශ සිදුකර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී  මාධ්‍යවේදියාට පිළිතුරු සේ වැඩිමනත්  කරුණු දැක්වී ය.