උණුසුම් පුවත්කාලීනදේශපාලන

නලින්ද ගෙන් විපක්ෂයට අභියෝගයක්

දිට්වා කියා නම් කළෙත් 28 වනදා

කවර හෝ ආයතනයක් රටේ ආපදා තත්වයක් ඇතිවන බවට නොවැම්බර් 12 වැනිදා  නිල නිවේදනයක් නිකුත් කොට  ඇත්නම් කරුණාකර එය සභාගත කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. 

ආපදාවක් පිළිබඳව නොවැම්බර් 12 වැනිදා තොරතුරු වාර්තා වූවත් එය  නොසලකා හැරිය බවට එල්ල කෙරෙන චෝදනා "පට්ටපල් බොරුවක්" යැ යි  හේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අභියෝග කර සඳහන් කළේ  අද පාර්ලිමේන්තුවේදී  ය. 

 

ආපදාවක් පිළිබඳව නොවැම්බර් 12 වැනිදා තොරතුරු වාර්තා වූවත් එය  නොසලකා හැරිය බවට එල්ල කෙරෙන චෝදනා "පට්ටපල් බොරුවක්" යැ යි  හේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අභියෝග කර සඳහන් කළේ  අද පාර්ලිමේන්තුවේදී  ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මාසය පුරා ඉදිරිපත් කරන ලද වාර්තා තමා සතුව ඇතැ යි සඳහන් කළ ජයතිස්ස මහතා,  එහි කිසිදු තැනක  නිල වශයෙන් එවන් නිවේදනයක් නිකුත් කර නොමැති බව සඳහන් කළේ ය.

"කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවැනි වාර්තාවක් නිකුත් කළහොත් පමණයි එය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහ අදාළ ආයතන වෙත යොමු වෙන්නේ"

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයා පැවසී ය.

කිසිදු නිල කරුණක් නොමැතිව, මන්ත්‍රීවරුන් ගණනාවක් එක්තරා නාලිකාවක අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බව කී හේ,  ඔවුන් කරුණු විකෘති කර ඇති බව ද කීයේ ය.

නොවැම්බර් 12 වැනිදාට පෙර එබඳු කිසිදු වාර්තාවක් නිකුත් වී නොමැති බවට කරුණු දක්වමින්, අමාත්‍යවරයා නිල වාර්තා මෙලෙස පැහැදිලි කළේ ය.

නොවැම්බර් 25 කැළඹිලි සහිත අඩු පීඩන තත්ත්වය වර්ධනය වීම ආරම්භ වී ඇති බව නිවේදනයේ දක්වා ඇති අතර පීඩන අවපාතයක් පිළිබඳ  එහි නිල වශයෙන් දැක්වෙන්නේනොවැම්බර් 28 උදේ 3:00   යැ යි ද පවසන ලදි.

නොවැම්බර් 28 (රාත්‍රිය): ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව නිවේදනවල ඇති බවත් පැවසූ ඇමතිවරයා කුණාටුවට ‘දිට්වා’ ලෙස නම් කළේ ද එදින බවත් යැ යි ජයතිස්ස ඇමතිවරයා අවධාරණයෙන් සඳහන් කළේ ය.