උණුසුම් පුවත්

නලීන් ගෙන් නලීන්ද ට

අනුර යි සජිතු යි විවාදෙට දින නියම කර ගත්තොත් කවුරුන්ට ජය අත්වේ දැ ? ඈ?/

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍ර්‍රේමදාස මහතාත් අතර පැවැත්වෙන වා ය කියන්නා වූ විවාදයට ලෑස්ති බව කියමින් විවාදය පිළිබඳ සජබෙ හි මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් ජාජබ යේ විධායක සභාවේ සභික වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු ‌කර මාධ්‍ය වෙතට ද පිටපත් ‌එවා ඇත. 

නායකයින් දෙන්නා ගේ විවාදය ජුනි මස 03, 04, 05, 05 හෝ 07 හෝ යන දිනවලින් එකක සූදානමින් පසුවන්නේ යැ යි නලීන් බන්ඩාර මහතා නලින්ද ජයතිස්ස වෛද්‍යවරයා වෙත යැවූ ලිපියෙහි දැක්වේ.

නායක දෙපළ අතර විවාදයට පෙර ඒ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු නියෝජිතයින් අතර විවාදයක් විය යුතු යැ යි ද හෙතෙම සඳහන් කර ඇත. ඒ් මේ මස 27, 28, 29, 30 හෝ 31 හෝ යන දිනවලින් එකක කරන්නට සජබෙ සූදානමින් සිටින්නේ යැ යි ද පවසයි.

සිය ලිපිය කෙරෙහි අවධානය යොමු කොට කඩිනමින් උත්තරයක් සපයන්නැ යි ද බණ්ඩාර මහතා ජයතිස්ස මහතාට කියා ඇත්තේ ය.