උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික

නලීන් ප්‍රදීප් උඩුවෙල නම් රංගධරයා හෙට (25) දැයෙන් නික්ම යයි

හෙළදිව සාතිශය සංවේගය!!!!

වේදිකාව, සිනමාව හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන් හි සිය රංගන දක්ෂතා හෙළදිව ජනතාවට කදිමට විදහා දැක්වූ රංග ශිල්පියකු හෙට (25) සවස මෙලොවෙන් නික්ම යයි. ඒ මත්තේගොඩ පොදු සුසුන භූමියේ දී ය   අපෙන් වෙන්ව යන ඒ ප්‍රතිභාසම්පන්න රංගධාරියා, නලීන් ප්‍රදීප් උඩවෙල යි.

ඔහු කලක් රෝගීව සිට දිවිසැරිය නිමා කරන ලද්දේ පෙරේදා (22) පෙරවරු කාලයේ ය.

නලීන් දිවිගමන නිමා කරන විට පසුවූයේ පනස් හය සැතපුම් කණුව පයමං කරමිනි. ඔහු දෙදරු පියකු විය.

මාතලේ (මහතලාව) දිස්ත්‍රික්කයේ බණ්ඩාරපොළ ගම් පියසෙහි උපන් නලීන් අකුරු කරන ලද්දේ ද බණ්ඩාරපොළ මහ විදුහලෙනි. හේ මහතලාව හර ගෙන්දගම් පොළොවට සම්ප්‍රාප්ත වන්නේ අර මහා දැවැන්ත භීෂණ සමයේ දී ය.

අගනුවරට පැමිණි හේ නේකවිධ දුක්ඛදෝමනස්සවලට මුහුණ පාමින් වේදිකා නාට්‍ය පුහුණුව ලබමින් සිය ජීවිතයට අරුතක් හොයන්නට උත්සාහ ගත්තේ ය. ඔහුගේ ඒ උත්සාහය කරන ලද කැපකිරීම් හා සහජයෙන් ම ලද හැකියාවන් හේ හෙළයේ වටිනා කියන රංගධරයෙක් කරන්නට හේතු කාරණා විය.

තරුණ සේවා සභාවෙන් නාට්‍ය පුහුණුව හදාරන ලද නලීන්, ප්‍රසන්න ජයකොඩිගේ සෙවණැලි සහ මිනිස්සු ඔස්සේ ඉහළට එසවීමට තරම් වාසනාවන්තයකු විය. ජයලාල් රෝහණ සමඟ අත්වැල් අල්ලා ගත් නලීන් ප්‍රදීප් උඩුවෙල වේදිකා නාට්‍ය රැසකට සම්මාදම් වී ජනහදවත් මැනවින් ස්පර්ශ කළේ ය.

ජූරිය, කැලණි පාලම, මෝදරමෝල, සුද්දකු ඔබ අමතයි, මීහරක් වැනි වේදිකා නාට්‍ය ඔස්සේ ඔහු පෙන්වන ලද දස්කම් බෝ ඉහළ ය. ප්‍රශස්ත ය.

නලීන් ප්‍රදීප් උඩුවෙල නාමය වේදිකාව, රිදී තිරය, පුංචි තිරය යන සෑම කලා මාධ්‍යයක් ඔස්සේ ම වඩාත් කතාබහට ලක්වූ චරිතයෙකි.

අන්දරේ, දුර ගමනක්, අකුරු මැකී නෑ, ඉසුරු පව්ව, බට්ටි, ඇහිපිල්ලමක් යට, කිඳුරු අඩවිය, පින්සර දොස්තර, පිනිවැස්ස, කසීසළු, මොනරවිල, සුවඳපද්ම, ආසයි මං පියාඹන්න, තාරකා මල්  වැනි ටෙලි සිත්තම් තුළින් ද රසික හදවත් දිනූ ඔහු  නිපුණාවලින් පිරිපුන් චරිතාංග නළුවෙකි.  ආසයි මං පියාඹන්න, තාරකා මල්  හි රංගනෙය් දී දැක්වූ දක්ෂතා සම්මානයට පාත්‍ර විය. නලීන් මේ සා 'දුර ගමනක්' ආවේ දයාරත්න රටගෙදර නම් සම්මානනීය අධ්‍යක්ෂවරයා ගේ දායකත්වයෙනි.

පසුකාලීනව ඔහු කලාවෙන් දේශපාලන වේදිකාවට පිවිසීම වඩාත් කතාබහට ලක්වූවකි. හේ පළාත් සභා මන්ත්‍රීවරයකු සේ ජනවරමින් භෞතිස්ම වූයේ ය.

 සම්මානනීය කලාකරුවාණෙනි!

 ඔබට සුබ ගමන් !!!