ස්යෙඛ්යසේවා පරිපාලන දැනුමැත්තෙකි වෛද්‍ය ජගත්
පොළොන්නරුව දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මීට සුළු මොහොතකට තෝරා පත්කර ගනී.
දින 23 ක් පමණ කතානායක ධූරයේ හුන් අශෝක සපුමල් රන්වල මහතා එකී තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තුවේ කතානායකවරයා සේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) උදේ පත් විය.
ගල්අමුණ මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ඇරඹූ ජගත් වික්‍රමරත්න අනතුරුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය හදාරා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය දිනා ගත්තෙකි.
ස්වකීය විෂයක්ෂේත්රයට අයත් දෙස් විදෙස් පාඨමාලා මෙන් ම පුහුණු වැඩසටහන් රැසකට එක්වී ප්‍රාමාණික දැනුමැත්තකු සේ නිපුණතා වගාදිගා කරගත් වෛද්‍යවරයකු බව සඳහන් කිරීම වටී.
ඔහු වෛද්‍යවරයෙකි. වෛද්‍ය පරිපාලන අධ්යක්ෂවරයෙකි.
පොළොන්නරුවේ පිහිටි චීන - ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා සේ සේවයේ නිරත වූ වෙදැදුරෙකි.