හොයා ගත්තේ ළඳු කැලෑවකින්
ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා පොලිසිය හා එක්ව 2024 නොවැම්බර් මස 14 වන දින කල්පිටිය මුසල්පිටිය ප්රදේශයේ, ඒකාබද්ධ කළ සෝදිසි මෙහෙයුමකදී, සඟවා තිබූ මත්පෙති හාරලක්ෂ හතළිස් දෙදහස් හයසීය අසූවක (442,680) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව, කල්පිටිය පොලිසිය හා එක්ව, 2024 නොවැම්බර් මස 14 වන දින උදෑසන කාලයේ කල්පිටිය මුසල්පිටිය ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, ප්රදේශයේ ළදු කැලෑවක් තුළ සඟවා තිබු මත්පෙති හාරලක්ෂ හතළිස් දෙදහස් හයසීය අසූවක (442,680) තොගයක් සහිත උර දහ අටක් (18) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි