නිදහස සොයා යන චම්මින්ද වෙලගෙදර
නිදහස.....
නිදහස......
නිදහස........
නිදහස ...........!
?????????
බොහෝවිට බෝ දේ ගැන ලියූ
මම...........
ඇයි අද නිදහස් දවසේ යමක් නොලියන්නේ....?
නිදහස ගැන ලියන්නට
නිදහසක් නැද්දැයි ඔබ සිතාවි.
මා මෙසේ ඇසුවොත්....?
නිදහසක් තියෙනවද කියා නොවේ.
කිමෙක් ද නිදහස යනු ..?
මගේ වයසේ ඉන්නා අයට එදා තිබුණා
ප්රජාචාරය කියා විෂයක්.
අපි ඒකෙන් තමයි දේශපාලනය ,මිනිසා,
නීතිය හා අධිකරණය ගැන උගත්තේ.
ඒ විෂය යොවුන් වියට පිය මනිමින් සිටි
අපේ කැකෑරෙන හෝමෝන උද්ගමනය
කිසියම් විනයානුකූල සිතීමකට ,
කියවීමකට බඳුන් කළේ ඒ
විෂය කීවොත් ඉතා නිවැරදි යි.
එහි පාඩමකින් අපිට එදා නිදහස කුමක්දැයි
කියා දුන්නා.
ඒක සතරාකාරයි
කියා අපි දැනගත්තා.
මට මතක විදියට,
ආගමික
දේශපාලනික
භාෂණ
අනික මතක ලෙසින්
අධ්‍යාපනික හෝ ආර්ථික වගේ.
අපි අද විවෘතව හිතනවා
"ඔව් අද අපිට ඒ සියල්ලම කරන්න
නිදහස තියෙනවා කියා.
එහෙම තියේනම් මොන
ඇන්නෑවකටද ඒක සමරන්නේ
කියා කෙනෙකුට හිතෙන්නට පුළුවන් .
මොකද ඒකත් නිදහස
පුද්ගලයාගේ.
ඒත් මේ දේවල් ගැන කෙනෙක්
කටාක්ෂ නිරීක්ෂණයෙන්
නොවේ සාමාන්‍ය විමසුම් ඇසින්
බලා සිතුවොත් ඔය හැම එකේම
ඇති ප්‍රභව විභේදනය වීමෙන් එම
නිදහසේ නිදහසක්
ඇද්ද යන්න
වටහා ගනු හැකිය.
ඒකත් හරියට, "එය ඔබට ලබා ගත හැකිය
එහෙත් අදාළ බදු අය කෙරේ".
නැත්තම් ,
"තුනක් ගත්තොත් එකක් නොමිලේ
ඒත් මුළු බිල රු.5000/= ට වැඩි විය
යුතුයි "කියනවා වගේ කුමන
අඩුවක්, ගැටලුවක් , බන්ධනයක්
එහි නැතිද?
ඒත් අද මේ සමරන්නේ ඒ සතරාකාර
නිදහස ලබා ගත්තා යැයි කියන
1948 පෙබරවාරි 04 වෙනිදා
ලබා ගත්තා කියන නිදහස.
හැබෑවටම ඒක
නිදහසක්ද? ඔබ අවංකවම
ඒ ගැන හිතන්න.
"සුද්දා හිටියානම් මීට වඩා
හොඳයි. උන්ගෙන් පස්සේ
මොකක්ද අපි අලුතින් කළේ''
මේ කියමන් නිතොර අපිට
ඇසේ නම් අපි ලබා ගෙන ඇති
නිදහස යනු කිම...?????.
අපි මෙතෙක් පැවති
ආණ්ඩු ගැන
කතා කළයුතු නෑ දැන්.
හේතුව ඒ සියල්ලම අකා
මකා දමන්නයි මේ ආණ්ඩුව
බලයට ගෙනාවේ. ඒක මේ රටේ
ජාතික යුතුකමක්ව තිබූ දෙයක්.
සාධාරණ නීති ගරුක සමාජයක්
උදෙසා සියලු ප්රගතිශීලි අදහස්
ඇතිවුන්ගේ සිහිනයක්.
එහෙත් ධනවාදී සමාජයක් සමාජවාදී
හෝ මහා ජනප්‍රියවාදී යැයි
සිතෙන සමාජයකට පරිවර්තනයේදී
ඇතිවෙන කැලඹිලි හා මන
බිඳීම් ඉතා විශාලයි. ඒ
එතෙක් පැවති දේවලින්
මිදීමට ඇති බැරියාව හා ඒ
දේ තමනුත් ලබා ගැනීමේ
ආශාව.
එවැනි අවස්ථාවක සමාජය
ප්‍රති විමසීම් කරනු ලබන්නේ
බොහෝවිට ප්‍රඥා ගෝචරව
නොව හැඟීම් මතය. එතැනදී
ලැබූ නව නිදහස යන්න යළි
ප්‍රශ්න කිරීමකට බඳුන් වීම
වළකා ගැනීම අපහසුය. එබැවින්
නිදහස යන්න අද අලුතින්
සිතිය යුතු වචනයක්වත්
ක්රියාවක්වක් ද යන්න යළි
ප්‍රශ්නයක් වෙමින් පවතී.
එය සිදුවෙන්නේ තිරය පිටුපසින්
සිදුවෙන බොහෝ රහස්‍ය කටයුතු
පිළිබඳව මාධ්‍ය කරන විමසුම් නිසාය.
මේ අනුව සැබෑ නිදහස යනු කුමක්ද ?
වත්මන් නිදහස් සැමරුම
හා නව ආණ්ඩුවේ ඉදිරි ගමන
පිළිබඳව මේ රටේ ජනයා නිදහසේ
කල්පනා කළ යුතු තැනකට
අද
ඔවුන් ම පත්කර ඇති බව පෙනේ.
මෙහිදී මට සිහිවෙන්නේ,
ජෝන් ස්ටුවර්ට් මිල් ගේ ප්‍රකාශයකි.
"රටක මහජන මතය යනු
'මහ ජනයා' නමින් හැඳින්වෙන
පිරිසගේ මතයම නොවේ"
එසේ නම් අපි අද ලබා ගත්තේ
අඳුර පළවා හරින නිදහසක් ද
යන්න නිදහසේ සිතා
බැලිය යුතු නොවේද?
මම දයාවෙන් ඔබ විමසමි.
ඔබට ආදරයෙන්
නිදහස සොයා යන මා
චම්මින්ද වෙලගෙදර .
04-02-2025.