කැඩපත
මහඵ වි නැත..
කැඩපතින් මා..
තවම සිහිනයේ..
තොටුපලේ මා..
වාරු නැති කය..
අමුනමින් මා..
සිහින සොයනවා..
නෙතු අගින් මා..
නුඹට නොපෙනෙන..
කැඩපතින් මා..
දකිමි නුඹේ රුව..
සිහිනෙකින් මා..
නැවතුනා හද..
නොදැක නුඹ මා..
තවම ඇයි..
රිදවන්නේ නුඹ මා..
සිහින දෙවිදුව
ලගින් ඉද මා..
හුස්ම ඉල්ලා..
අඩන අද මා..
හිතේ කහටක්..
නැතිව තව මා..
සමුම දෙන්නමි..
ජිවිතෙන් මා..
- ශ්‍යාමලී ගමගේ -
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
තනි මංකඩ
දිලෙන වනේ...
ඔය නාඹර ලැසි ගමනට හිත ඇදෙනවා අනේ...
හුදෙකලාවේ තනි මංකඩ ඇයිදෝ තනි උනේ...
කළු කුමරා අහල පහළ සරනවා හැමදිනේ ...
අහස ගුගුරා වැස්ස නැතිදා ගඟක් උතුරා ගලා යාවිද...
සුවඳ හමනා මලක් නැතිදා බඹරු ඒ වෙත ඇදිලා ඒවිද...
සවන පිනවන ගීත රාවෙට අවරගිර හිරු යලි නැගේවිද...
සතුට සැනසුම උරුම කරගෙන උපන් කිසිවෙකු ලොව සිටීවිද...
- ඇන්ජලා පැල්පොළ -
පිබිදුණු පෙමක
කතරට ඇද හැළුණ මහ වැස්සක් සේම
ඔබ දුටු මුල් දිනේ පිබිදුණි සොඳුරු පෙම
මිහිරිය මතක ඇත මට කවියක් සේම
අතැඟිලි බැඳන් දිවි කතරේ පිය නැඟුම...
සරු ඵල ලැබුණි කෙත පීදීමෙන් යසට
හැම සැපතක්ම විය අඩුවක් නැත අපට
වැහි හෙණ අකුණු නිති ඝන අඳුරක වැටුණ
අද මගෙ සිතට වෙහෙසය නැත කිසි සතුට...
- මධුෂිකා -
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ආදරය
පාවෙන වලාකුළු අස්සේ
මහලු හිරු හැංගුණා වේ
හිම සළු පෙරවුණ
අඳුරු දැවටුමේ
දෝර ගලන ආදරයක්
කරාමය ළඟ හේදුණාවේ
සීනිද්ද නිදිකුම්බා
පාට දෙකක මල්
ළෙන්ගතු සුවඳ දිදී
ගොම්මනේ නැළවුණාවේ
පිනි කඳුළු පිපාසිත
තණ බිස්ස මතින්
සෙනෙහෙ පිරුණු
ආදරයක් හමුවුණා වේ
සංසාරයෙ ඇවිදින දා
බවයෙන් බවයට
දියදම් දිනිතිය රුව වඩනා
සෙනේ පිරුණු ආදරයක්
හමු වුණා වේ.
- රත්නා කහඳ ගමගේ -
≈≈≈≈≈≈≈≈≈
පැතුම
සොඳුරු පිනි වැස්සක්
අරුණ හිනැහෙන මොහොතක්
සෙත්පැතුම් දහසක්
ලැබේවා සුන්දරම දවසක්...
- කේලි -