උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

නිල් අහසේ දිදුලන තරු කැටය වගේ

ඇන්ජලාගේ කවි හිත

නිල් අහසේ දිදුලන තරු කැටය                                   වාගේ

වෙල් යායක ලෙලනා රන් කරල්                                  වගේ

සල් සපු නා සුවඳ හමන ගමක්                                      වගේ

පිල් බෙදිලා නැහැ සොහොයුරු කැල                          අපගේ

 

සීතල හිරිපොද වැස්සේ සුළං රොදක                         වෙළිලා

පාවෙනවා පුළුං වගේ අනන්තයක්                           සොයලා

කීකරු නැති හිත් පොඩිත්ත සතර අතේ                        දුවලා

සතුටු සයුරේ කිමිදෙනවා හදේ සතුට                           විඳලා

 

බනේ භාවනා ඇසුණා දෙන්න කියලා                           පිනට

ධනේ ගිහින් බෙදලා දුන්නා අසරණ වූ                           අයට

සෙනේ වඩා සැදෑ සිතින් අයැදිමි                              විශ්වයට

අනේ එපා කිසි විපතක් වෙන්න අපේ                            රටට

 

කයින් ලෙඩවී ගතින් දුබලව සෝ සුසුම් මැද හඬ හඬා  

ගෙවන දිවියේ අරුත හොයනවා කියලා දෙන්නකෝ පහදලා

මතක වත්සුණු මකා දමලා යන්න හිතෙනවා ඉගිලිලා

යන්නේ කොහොමද කියලා හිතනවා බැඳුණු ළෙන්ගතු කම් නිසා