විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසියෙන්
විපක්‍ෂයේ 'මහා ජන හඬ' ජනරැළිය අද හවහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත් වේ.
නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී සවස 2 ට පැවැත්වෙවෙ විපක්ෂයේ 'මහා ජන හඬ' විරෝධතාවය 'වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි යනුවෙන් නම් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛව විපක්ෂයේ පක්ෂ ගණනාවක් විසින් මෙය සංවිධානය කර ඇත.
පොලිසිය නිකුත් කළ නිවේදනයකින් සංවිධායකයින්ට දැනුම් දී ඇත්තේ අධ්‍යායන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මධ්‍යස්ථාන ලෙස ආසන්න පාසල් කිහිපයක පවතින හෙයින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
