ආරක්ෂකඋණුසුම් පුවත්

නෙවිල් සිල්වා ඒඑස්පී අත්අඩංගුවට ගනී

පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියකට අදාළව සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත

සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. හේ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂවරයෙකි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ය.
හිටපු අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියකට අදාළව බව යි ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ