කුරුටු ගී -01
මේ ඝටීකාර යන්තරේ මාස ගණනාවක් එක දිගට ක්‍රියා විරහිතව තුබුණා. 1976 නැත්තං 1977 වගේ කාලෙ දවසක.
ඉතින් මං ඒ ගැන ලිව්වා ඡේද දෙකක පුංචී ම පුංචි ප්‍රවෘත්තියක් "ඇත්ත" පත්නරේට.
ඒක පළවෙච්ච දවසෙ මට දැනුණේ පුදුම සතුටක්.
ඇත්ත පත්තරේ ඒ පුංචි ප්රවෘත්ති කෑල්ල පළවුණා විතරයි ගාල්ල නාගරික බලවතුන් ක්‍රියාවිරහිතව තිබුණු ගාල්ල ලන්දේසි කොටුවේ අදත් විරාජමානව වැජඹෙන මේ ඔරලෝසුවේ කටු නියමි විදිහට ජනතාවට වේලාව දක්වන තැනට අලුත්වැඩියා කරන්න තත්පර වුණා.
එදා මෙදා ගෙවී ගිය කාලය අඩසිය වසරකට දෑ හවුරුද්දක් අඩු යි.
------------------------------------------------------------------------
දැන් මං ඇත්ත පත්නර කාරයකු හැටියට බෞතිස්මවෙලා.
ඊළඟ ප්‍රවෘත්තිය හැටියට ලියුව බවට මතකෙ තියෙන්නේ බූස්ස දැව සංස්ථාවේ තඩි ඉරුම් යන්ත්‍රයක් පැත්තකට දාලා තියෙන අයුරු දැක්වෙන පින්තූරයක කතාව.
ඒකත් පළවුණාම අර සංතෝසෙ දෙගූණ වුණා.
මං ඇත්ත පත්තරේ රත්ගම වාර්තාකරු
ඊට අදාළ ලියුම් කඩදහියක් මට දුන්නෙ මං හිතන්නෙ නිව්ටන් සෙනෙවිරත්න සහෝදරයා වෙන්නෝනැ. නිව්ටන් අයියා තමයි ප්රවෘත්ති කර්තෘ...
හැබැයි මං ඇත්ත පත්තරකාරයා වග දන්නෙ තුන්හතර දෙනකු විතරයි.
පත්තරකාරයා සමාජයේ බොහෝ දෙනා දන්නේ නැ. ඒ තරමට ම රහසිගතවයි මං ප්රවෘත්ති හඹා යන්නේ.
ආණ්ඩුවේ කාර්යාලවලින් නේකවිධ තොරතුරු ඇහිඳ ගැනීමේ වෙනම ම ක්‍රමවේදයක් නිර්මාණය කර ගත්තා.
ඇත්ත පත්තරෙත් ඇත්ත පත්තරකාරයා ගැනත් ජනතාව අතරෙ කෙරෙන කතාබහ බොහොම ඉහළයි. මං ළඟ සිටිය දී මිනිස්සු ඇත්ත ප්රවෘත්ති ගැන කතාකරන කොට මං මුනිවත රකිමින් අහන් ඉන්නේ හිතට දැනෙන සංතෝසය හුදකාව ම විඳගනිමින්.
මගේ දෑඩි ප්‍රහායට ලක්වූවන් දේශපාලකයන් හා ඔවුන්ට ගොම්පස් අල්ලන දූෂිත නිලධාරීන් .
1977 ආණ්ඩු පෙරළියෙන් පස්සේ දැහැමි පාලකයන් ඇත්ත මැඩලන්න කළ හැකි දුෂ්ටකම් නිමක් නැතිව කළ අයුරු මතකයට නැඟෙනවා.
දිනපතා ම පාහේ ප්රවෘත්ති දෙක තුනක්, තුන හතරක් සහිත දිග ලියුම් කවර තැපැල් කරන්නේ එකී පුවත් තව දවස් දෙක තුනකින් ඇත්ත පත්තරෙන් කියවීමට පාඨක ප්‍රජාවට හැකිවේය යන දැඩි විශ්වාසකිනි .
කිසියම් ආකාරයක සමාජ බලයක් ආරෝපණය වී ඇතැයි හිතට නැඟෙත්ම සියුම් ආඩම්බර කමක් ද කොහේදෝ අස්සකින් ගලා එනව. හැබැයි ඒ අහිංසක ආඩම්බරය්.
ඇත්ත පත්තරේට බෝ කලක පටන් ලියූ පත්තරකාරයා වදුරඹ හේමචන්ද්‍ර නානායක්කාරයන්.( මීට වසර ගණනාවකට පෙර ජිවිතයෙන් සමු ගන්නා ලද්දෝ ය හේමචන්ද්රයාණෝ)
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ම සිල්ප දැක් වූ ඔහු ගාල්ලේ රැඳෙඳෙන් යාපනයේ වගේ ම කොළඹ රටේ දෙමළ පත්තරයකට ද ලිව්වේ ය.
නානායක්කාර සහෝදරයා වැඩිමනත් ලිව්වේ උසාවි වාර්තා හෙවත් නඩුහබ ගැන. ඔහු ඉංගිරිසි පත්තරවලට ද ලියන නිසා පෙරකදෝරු මහත්වරු 'නානා'ට විශේෂ ගරු සැලකිල්ලක් දැක්වූූූවා.
මා ඇත්ත පත්තරකාරයකු වග නානා දැනගත්තේ සෑහෙන කලයකට පස්ස්.
මා ඇත්ත වාර්තාකරු සේ බෞතිස්ම වූවත් මාත් එක්ක ම ඇත්ත වාර්තාකරුවන් සේ තව තුන් දෙනකු ගාල්ල. අක්මීමන හා හබරාදූවෙන් තෝරා ගත්තත් ඔවුන්ගේ පෑන්වලින් එක තීන්ත බින්දුවක් වත් නිවුස් ප්‍රින්ට්වල රැදුණේ නෑ.
- හෙටත් කියවමු -