කුරුටු ගී - 05
ඇත්තකාරයා මේ ගෙදර හැම අහුමුල්ලකම
1977 මහ ඡන්දෙන් රත්ගම ආසනේ යූඇන්පියේ එඩ්වින් තිලකරත්න උන්නැහේට ඡන්දදායකයින් විසින් ලියල දුන්නා. 70 මහ මැතිවරණයේ දී තිලකරත්න උන්නැහේට වඩා වැඩි ඡන්ද 20,000 කින් ජයගෙන පාර්ලිමේන්තුවට ගිය ඇම්. ජී. පරද්දන් තිලකරත්න වැඩි ඡන්ද පන්දාස් ගණනක් අර ගත්තා.
උන්නැහේට නියෝජ්‍ය ඇමතිකමක් ජේ. ආර්. ජයවර්ධන උන්නැහේ දුන්නා. ඒ පාර්ලිමේන්තු හා ක්‍රීඩා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති තනතුර.
ඇත්ත කාරයා අලුත් චරිතයක් නිර්මාණය කළා.
ඒ 'සෙල්ලං සේන' කියන චරිතෙ.
'සෙල්ලං සේන' ගේ චරිතය අපේ සුප්‍රකට කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා සහෝදරයා විසින් සිය කාටූන් චරිතයක් නිර්මාණය කර තිබෙන්නට ඇද්දෝ ද යන්න මට හරියට මතකයක් නැතත් බොහෝවිට එසේ වන්නට ඇතැයි මගේ හිත කියනවා..
ඇමතිවරයාගේ හොඳ මෙන්ම නරකද ලියන්න ඇත්ත පත්තරකාරයා තත්පර වූවත් ලියන්නට සිද්ධ වුණේ දුර්වලතා ය
ඇමති නිවසේ දී ඔහු තම පාක්ෂිකයන් ට ආධාරකරුවනට පවා සලකන සැලකිලි ඇත්තට ගලා එන ඉතා සියුම් ක්රමෝපායන් සකසා ගත්තේ කලකට පෙර පටන් ය.
"බලනවා මේ යකා ඇත්ත පත්රකාරයා මේ ගෙදර හැම අස්ස මුල්ලකම ඉන්නවා නෙවැ. මේකා මාත්තෙක්ක නොයන්නේ වැසිකිලියට විතරයි.
කොහොමද මේ යෝදයා මෙහේ වෙන දේවල් සොයා ගන්නේ. මට ඔය යෝදයා අහුවුණොත්......"
අද වගේ නොව එකල පත්තරේ වාර්තාකරුවන් ගේ නම හෙවත් 'බයිලයින්' එක ප්‍රවෘත්තියේ ශිර්ෂට පහලින් පළ කෙරුණ් නැත. ඒ වෙනුවට යෙදුණේ වාර්තාකරු ගේ බල ප්‍රදේශය යි.
රජ්ගම වාර්තාකරු වූ මගේ නමින් පුවතක් පළවුණේ හවුරුදු කීපයකට පස්සේ ය.
ඉතින් තිලකරත්න උන්නැහේ ඇත්ත පත්තරකාරයා කවුරුන්දැ යි හොයාගන්නට සිය හෙංචයියන් කීප දෙනකු යොදවන්නට පියවර ගත්තේ ඔහුට හොඳ පාඩමක් උගන්නන්නට සිය අනුගාමිකයන් ඉදිරියේ ගෝරනාඩු කර කර .
උන්නැහේ ට ඇත්ත පත්තරකාරයා නයාට අඳුකොළ වගේ. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ යෝදයා ඇමතිතුමා දන්නෙ අඳුනන්නේ නැති එක.
හති දාගෙන , දාඩිය පෙරා ගෙන ඇත්තකාරයා දැන් ගිංතොට වක්වැල්ල පාර දිගේ බයිසිකල් කට්ට පදිනවා. රේල් පාර පියමං කරද්දි ඇඟපත පුම්බන් ඉස්සරහට එන දෙන්නා කෙරෙහි විශේෂ අවධානයක් නැති වුණත් එක් අයකු නං කලකට පෙර ඇසුරු කරපු පොඩි ලොක්කා බව ටිකක් ළංවෙද්දි අඳුන ගත්තා.
තමන්ට ආවේනික හිනාවකින් ඔහුට සංග්‍රහය කළත් පොඩි ලොක්කා පෑවේ ළබැඳි වතක් නෙවේ. පුම්බා ගත්තු මූණත් තහඩුවක්.
තමන් සමඟ පා නඟන සගයා එක්ක පොඩි ලොක්කා කිසියම් කතාබහක නිරත වෙමින් ගිංතොට හන්දිය දිහාවට යන්නේ ප්ලයිවුඩ් පැට්ටේරියේ නයිට් ඩියුටි නැත්තං රෑවැඩ මුරේ අහවර කරලා වග ඇත්ත පත්තරකාරයා හිත හිතා පේමසිරි සැලුන් එකට ගියා පත්තරේ දාන්න.
උඹ පරෙස්සං වෙයන් මචෝ - පොඩි ලොක්කා
ඇත්තකාරයා තවත් සහෝදර සහෝදරියන් කෂ්ටියක් එක්ක කැට ව්‍යාපාරයක නිරත වුණේ පක්ෂයෙ දිසා කමිටුව ගත්තු තීන්දුවක් ප්‍රකාරව.
අපි කණ්ඩායම් කීපෙකට බෙදිලා තෝරා ගත්තු ගංගොඩවල්වල යි කැට ව්‍යාපාරෙ දියත් කළේ.
මාත් වැල්ලබඩ ශාන්තත් තව දහපාළොස් දෙනෙක් වැඩේ පටන් ගත්තේ වැල්ලබඩ හන්දියෙන්. අපි ඉතින් ගමේ ගෙයක් ගෙයක් ගානෙ යමින් නිවැසියන් එක්ක පුංචි කතා බහක යෙදෙමින් කැට ව්‍යාපාරෙය්.
ධාර්මිෂ්ඨ මතේ දැඩිව එල්ලබ හුන් සමහරුන් අපේ කණ්ඩායම් එක්ක පැටලෙන්නත් ආවා. අපේ කෂ්ටියත් නාහෙට නොඅහන නාම්බන් නෙවැ.
කොහොම වුණත් වැල්ලබඩ ශාන්තයාට ගංගොඩේ ගෑනු මිනිස්සුන්. බෝම හිතවත්. ගමේ හැම පවුලකට ම නෑ සබඳතා තියෙනවා.
අනිත් එක තමා බූස්ස, වැල්ලබඩ කියන්නෙ ලංකේය කම්කරු පන්ති ව්‍යාපාරයේ අති දැවැන්තම චරිතෙ ඇම්. ජී. ගෙ ගම. පහුගිය මහ ඡන්දෙන් පරාජයට පත් වුණු හත් හවුරුද්දක් අපේ ආසනේ හිටපු මන්ත්රීවරයගෙ ගම.
දැන් මේ වෙනකොට දවල් දෙකට විතරවෙලා. අපේ කණ්ඩායම කැට හොල්ල හොල්ලා යන්නෙ ඇම්. ජී. සහෝදරයලගෙ ගෙවල් මණ්ඩියේ.
මේන්න එක පාරට ම අපේ ඉස්සරහට ප්‍රදුර්භූත වුණේ අර මං කලින් කිව්ව "පොඩි ලොක්කා" පොඩි ලොක්කා ගේ මල්ලිත් අපේ කල්ලියේ කැටයක් අත දරන් ඉන්නවා...පොඩි ලොක්කා දැක්ක ගමන් මගේ හිතේ ඇඳුණේ මාසෙකට හමාරකට කලින් ගිංතොට රේල්පාර උඩදි , තවත් හැඩිදැඩියකුත් එක්ක ඇඟපත පුම්බන් ඉස්සරහට මුලිච්චි වුණු හැටි. මං ඒකා එක්ක හිනා වුණත් මං කවදාකවත් නොදුටු නොහඳුනන හාදයෙක් වගේ ගිංතොට හන්දිය දිහාවට ගිය අයුරු. මං අපේ රොත්තත් එක්ක.
"මචං සුගතේ... මෙහෙවරෙන්කෝ. මට උඹ හම්බවෙන්න කියා කල්පනා කර කර හිටියෙ.
"පොඩි ලොක්කා මගේ අතින් අල්ලං පැත්තකට ගියා.
"මේ මං උඹට කියන්නෙ මචං ටිකක් පරෙස්සංවෙලා හිටපං. අපේ ලොක්කා ඉන්නේ මාර කේන්තියකින් උඹ එක්ක. උඹට හොදවැයින් තුන හතරක් ඇණල පත්තර මිටිය යි බයිසිකලෙ යි ගඟට දාන්න තියලා මට ඕඩරයක් දීලා..."මං දැනං හිටියෙ නෑ උඹ ය ඇත්ත පත්තරකාරයා ය කියා. ඉතින් ලොක්කා පණිවිඩේ මට එවල දවස් දෙකකින් තමයි මචං උඹ පත්තර අරන් බයිසිකලෙන් එනකොට තමයි මං දන්නෙ. ඉතින් මට පණිවිඩේ දුන් හාදයට මං කීවා මං ඇත්ත කාරයා ගෑන මං බලා ගන්නං ය උඹ ලොක්කට ියපං කියා. ඒකයි මං උඹ අඳුනන වගක්වත් නොපෙන්නුවේ. මචං උඹ පරෙස්සං වෙයන් " යි කියා පොඩි ලොක්කා යන්න ගියා
ලබන සතියෙ
මේන්න මුල් ම ඇත්ත පත්තරේ 1964 දෙසැම්බර් මස 14. වැනි සඳුදා මංගල කලාපය යි මේ