කළුගං ද්‍රෝණියේ ජලමාපකවල දත්ත අනුව ඉදිරි පැය 48 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක ජනතාවට මේ අවදානම පෙන්වා දෙයි
කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතී.
එහෙයින් ඉදිරි පැය 48 ක කාලය තුළ පාරින්දනුවර, බුලත්සිංහල මෙන් ම මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව ගංවතුර අනතුරක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ ප්‍රදේශවල ජනතාවට ආරක්ෂාකාරී පියවර ගන්නා සේ දන්වයි.
මේ හේතුවෙන් කුඩා ගඟ හා මගුර ගඟ ආසන්න ප්‍රදේශවල පහත් බිම් ජල ගැල්මෙන් මාර්ග ගණනාවක් යටවීමට ඇකි අවදානම දැඩි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.