රෑකඩහේනේ ඉන්ද්‍රසාර නාහිමියෝ පස්වන වතාවටත් ගෝනාපීනුවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධූරයට නිතරගයෙන්
මීටියාගොඩ කිරිඳිඇල විජය ශ්‍රී පියරතනාරාමය තොටගමුව ඓතිහාසික රත්පත් රජමහා විහාරාධිපති අම්බලන්ගොඩ සද්ධර්මාලංකාර පිරිවෙනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති,රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය විද්‍යා විශාරද ශාස්ත්‍රපති ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රෑකඩහේනේ ඉන්ද්‍රසාර නාහිමියෝ පස්වන වතාවටත් මෙවර ගෝනාපීනුවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධූරයට නිතරගයෙන් පත් වූහ .
කිරිඳිඇල පියරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය වරයා ද වන උන් වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයෙකුද වේ.එසේම ප්‍රදේශයේ ස්වෙච්ඡා සමිති සමාගම් කීපයක ම සභාපති වරයා ලෙස කටයුතු කරන උන් වහන්සේ ප්‍රදේශයේ ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමකි.
________________________________________________
ඉකුත් 14 දින හික්කඩුව පන්නම්ගොඩ වෙරළ තීරයේ කිමිදුම් කටයුතු වල නියුක්ත වෙමින් සිටි චෙක් ජාතික 53 හැවිරිදි Yaang changprog නැමති විදේශීය ජාතිකයෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් බේරාගෙන තිබේ.
ප්රචණ්ඩ රළ පහර හේතුවෙන් පිහිනා ගොස් එම විදේශික යා බේරා ගැනීමට අපහසු වීම හේතුවෙන් ජීවිතාරක්ෂක ඒකකය භාරයේ ඇති අංක NC-066 දරණ යාත්‍රාවෙන් ගොස් පැය එක හමාරක පමණ පරිශ්‍රමයක් දරා මෙම විදේශික යා බේරා ගෙන ඇත . දිවි බේරා ගත් විදේශික මහතා මෙහෙයුමට සහභාගි වූ හික්කඩුව ජීවිතාරක්ෂක හා වෙරළ ආරක්ෂක ඒකකයේ නිළධාරීන් සමඟ සේයාරුවෙන් දැක්වේ .
========================================
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මඟින් මෙහෙය වනු ලැබූ වයස අවුරුදු 11 න් පහළ කේවල චෙස් තරඟාවලියේ ශූරතාවය අම්බලන්ගොඩ ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙත්මි හසානා පේට් ශිෂ්‍යාව විසින් හිමි කරගන්නා ලදී .
පින්තූරයෙන් දැක්වෙන්නේ මෙත්මි හසානා පේට් ශිෂ්‍යාව ඇයට හිමි සහතිකය ගාල්ල දිස්ත්‍රික් චෙස් සංගමයේ ලේකම් විශ්ව කොඩිකාර මහතා අතින් ලබාගත් අවස්ථාව යි.