උණුසුම් පුවත්දේශපාලන

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවා ?

අද නොවුව හොත් හෙට විසුරුවනු ඇති

වත්මන් පාර්ලිමේන්තුව අද රැයේ විසුරුවා හැරීමට වැඩි ඉඩකඩක් පවතී

ඉන් අනතුරුව නොවැම්බර් මස අවසනට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා අලුත් ආණ්ඩුවක් පත් කර ගැනෙනු ඇත.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කලින්  නව ජනපතිවරයා විසින් භාරකාර ආණ්ඩුවක් උදෙසා අමාත්‍ය මණ්ඩලයක් තාවකාලික පත්කර ගනි.   නව ජනපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍ය ධුර 15 අන්තර්ගත වන සේ   නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර පැවරීමට නියමිතය.

එම තාවකාලික කැබිනට් මණ්ඩලය අද දිනයේදී පත්කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

එකි පත්කිරිමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව යි වාර්තා වෙන්නේ. අද නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෙට දක්වා කල් යනු  ඇතැ යි පැවසේ.