ජනපති අනුර, හොරාගේ අම්මාගෙන් නොව, හොරාගෙන් ම පේන බලවන හැටි
පිවිතුරු හෙළ උරුමය නායක හිටපු අමාත්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී ද වූ උදය ගම්මන්පිල මහතා සිය පක්ෂ මූලස්ථානය විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වමින් මහත් ආන්දෝලනාත්මක කරුණු කාරණා ගණනාවක් අනාවරණය කළේ ය. තුඩු දෙනු ඇතැ යි දේශපාලන විචාරකයෝ කියති.
පාස්කු ඉරිදා දින මෙරට කතෝලික දේවස්ථාන තුනකට හා තවත් ස්ථාන කීපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා ඔහු එහිදී හෙළිදරව් කළේ ය.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්රහාරයන් එල්ලවීමට පෙර විදේශීය බුද්ධි අංශයක් විසින්, මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා, ඒ සම්බන්ධයෙන් අතිශය රහසිගත ලිපියක්, එවකට නියෝජ්‍ය පොලිස්පතින් රවී සෙනවිරත්න මහතාට යොමු කරමින් දැනුම් දී තිබූ බව වාර්තාවල ඇති බව ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ තැබී ය.
දින 12 ක් තිස්සේ, ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන තිබූ බවත්, රවී සෙනවිරත්න මහතා වහා ක්‍රියාත්මක වූයේ නම් නම් අදාළ බෝම්බකරුවන් සියලු දෙනා, අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබූ බවත් ඔහු පැවසී ය.
මෙම අපරාධය වලක්වා නොගැනීම නිසා, රවි සෙනෙවිරත්න මහතාට අපරාධ නීය යටතේ දඬුවම් දිය යුතු යැ යි අදාළ වාර්තාවේ 41 වැනි පිටුවෙහි සඳහන් බව යැ යි ගම්මන්පිල මහතා කීවේ ය.
එකී වාර්තාවේ නිර්දේශ කර ඇති ආකාරයට එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයා වූ ශානි අබේසේකර මහතා ද ඔහුගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා ඔහුට එරෙහිව ද අපරාධ නඩු පැවරිය යුතු බව පෙන්වා දී ඇතැ යි ද පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
මෙම වාර්තාවේ නිර්දේශ කරැති පරිදි නම් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු රජයේ නිලධාරින් දා හත් දෙනෙකුට අපරාධ නඩු ගොනු පැවරීම කළ යුතු යැ යි දක්වා ඇති සඳහන ද හේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඒ් වාර්තා පෙන්වමිනි