කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ වෙත පිරිනැමුණු අයුරු
පිලිප් ගුණවර්ධන ගූණානුස්මරණ සංගමය විසින් සම්පාදිත ගොඩගේ ප්‍රකාශකයක් ලෙසින් එළිදූටු "පිලිප් ගුණවර්ධන (1965-70) පාර්ලිමේන්තු කතා එකතුව" කෘතියෙහි මංගල පිටපත ගොඩගේ ප්‍රකාශන ආයතනය වෙනුවෙන් එහි ප්‍රකාශන කළමනාකරු සම්පත් දිප්පිටිගොඩගේ මහතා විසින්, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වනු ලැබූ අයුරු. අනතුරුව දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ වෙත කෘතිය පිළිගන්වනු ලැබීය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පසුගිය 26 දා මේ උත්සවය පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය, මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
