උණුසුම් පුවත්සෞඛ්‍යය

පුරවැසියාට ආයු බොහෝ වෙන්න සුබ සාධන රාජ්‍ය රැකගත යුතුයි

රාගම මහා රෝහලට රු. 2,843,800 වටිනා Portable Sucker 10ක් හා Infusion Pump 10 ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව

පාලකයාට නොව ජන පරපුර වෙනුවෙන් ආයු බොහෝ වේවා යන දැවැන්ත ප්‍රාර්ථනාව මහපොළවේ යථාර්ථයක් විය යුතු බවත් ඒ වෙනුවෙන් අප රටේ ඇති සුබසාධන රාජ්‍ය රැකගත යුතු බවත් එය රැකෙන්නේ රාජ්‍ය අරමුදලින් බවත් ඒ සදහා ආර්ථිකය වර්ධනය විය යුතු බවත් රටේ ආර්ථිකය සැමට සෙත සැලසෙන ආකාරයට වර්ධනය කරන සැමටම බෙදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හුස්ම වැඩසටහනේ 59 වැනි අදියර යටතේ රාගම මහා රෝහලට රු. 2,843,800 වටිනා Portable Sucker 10ක් හා Infusion Pump 10ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

2016 ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාවලට අනුව රටේ ආදායමෙන් 52%ක් බුක්ති විඳින්නේ පෙහොසත්ම 20% බවත් දුප්පත්ම 20% භුක්ති විඳින්නේ 4-5% පමණක් බවත් මෙය සාධාරණ වර්ධනයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුබසාධන රාජ්‍ය රකින ගමන් අලුත් ක්‍රමවේද අනුගමනය කල යුතු බවත් පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ කැපකිරීම් පවා අවශ්‍ය බවත් මේ සුබසාධන රාජ්‍ය රැකිය යුත්තේ යාවත්කාලීන හා නවීකරණය වෙමින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විශ්වාස කරන ආර්ථික වර්ධනය තුළ සෞඛ්‍ය හා අධයාපන පද්ධතිය ආරක්ෂා වන බවත් බෙදිල්ල හොද නැහැ කියන අය ප්‍රතිකාර ගන්නේ පෞද්ගලික රෝහල්වලින් බවත් ඔවුන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාල වලට බවත් මෙවැනි කුහක සිතිවිලි නැති කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කවුරු මොන දේ කිව්වත් සමගි ජන බලවේගයේ මේ ගමන නතර කරන බවත් මේ තුළින් අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෙදීම නැති වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා කෙටි කාලීන තෘප්තිය වෙනුවෙන් කටයුතු නොකර රටේ පැවැත්ම වෙනුවෙන් සුදුසු තීන්දු තීරණ ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 59කට රුපියල් ලක්ෂ 1819 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87 ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242 ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 185 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2043 ක් වැය කර තිබේ.