උණුසුම් පුවත්

පුහු විප්ලවවාදීන් ගේ කතාවලට රැවටෙන්න එපා!

මිහින්තලය සිවලාකුලම සීවලී මහා විද්යාලයේ දී - සජිත් -

අධ්‍යාපනයේ වෙනසක් සිදු කරන්න යන විට විවිධ පුද්ගලයන් මහපාරට බැස උද්ඝෝෂණය කරන නමුත් එම විප්ලවවාදීන්ගේ් ළමුන් ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසල් හා විශ්වවිද්‍යාලවලට බවත් තවදුරටත් මේ බොරු පුහු විප්ලවවාදීන්ගේ රැවටිලි බස්වලට නොරැවටෙන ලෙසත් මෝඩ නොවන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමානාත්මතාව තිබිය යුතු වුවත් එය සිදුවිය යුත්තේ් අධ්‍යාපනය නවීකරණය වීමෙන් වුවත් විප්ලවවාදීන් එයට විරුද්ධ වන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සම වීමට ඇති අකැමැත්ත නිසා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 112 වැනි අදියර යටතේ මිහින්තලය සිවලාකුලම සීවලී මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සුහුරු අධ්‍යාපනය වගේම සුහුරු ගොවිතැනත් වැදගත්

සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ගොවිතැන කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවත් අප රටේ වගා කටයුතු කිරීමට බීජ පවා නොමැති බවත් බීජ සුරක්ෂිතභාව පවා අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයෙ මහාචාර්ය අරුණ කුමාර මහතාගේ දත්ත අනුව අක්කරයකට අවශ්‍ය මාලු මිරිස් බීජ සදහා රු. 288000 ක් තක්කාලිබීජ සදහා රු. 69000 ක් වම්බොටු බීජ සදහා 40800 ක් වැටකොළු බීජ සදහා 72090 කි වියදම් වන බවත් මෙි නිසා ගොවිතැන ලාබ ලැබිය නොහැකි බවත් පසු අස්වනු තාක්ෂණය අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 82ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3992 ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 112 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1115 ක් වැය කර තිබේ.