උණුසුම් පුවත්දේශපාලන

බංකොලොත්භාවයෙන් බැට කන ගමන් ජනාධිපතිවරයාගේ බොරු පොරොන්දුවලින්ද බැට කන ජනතාවක් රටේ ඉන්නේ – සජිත්

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 - නොවැම්බර් 14

අප රටේ ලක්ෂ 220 ජනතාව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් බැට කා යළිත් වත්මන් රජයෙන් ද බැට කන බවත් අද වන විට බොරු පොරොන්දුවලින් ද බැට කන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා නියෝජනය කරන්නේ සාමාන්‍ය ජනතාව පොදු ජනතාව බත් බලයට පැමිණි පසු විධායක ජනාධිපතිවරයා ලෙස සියලු සහන ලබා දෙන බවත් බඩු මිල, තෙල් මිල, විදුලි බිල, බදු ආදිය අඩු කරනවා කිව්වත් කිසිත් නොවු බවත් මේ සියල්ල විධායක ජනාධිපති බලතල යටතේ කල හැකි වුවත් තවමත් කර නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උතුරු කොළඹ අපේක්ෂක රාම් මහතාගේ මුලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

කොමිස් බදු වංචා දුෂණය නිසා තෙල් මිල ඉහළ ගොස් ඇති බව පැවසුවත් තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියන්නේ එවැනි වංචා දූෂණ ගැන දැන ගන්නට නොමැති බවත් මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැහුවට ඒවා කළ නොහැකිව ජනතාව අනාථ කර ඇති බවත් විදුලි බිල අඩු කරනවා කියා කළේද එය බවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කර ගත නොහැකිව පොල් පෝලිමක් පවා පැමිණි බවත් කියපුවා නොකර ජනතාව අනාථ කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බදු අඩු කරනවා කියා ජනාධිපතිවරයා අද වනවිට imf එක ඉදිරියේ දණ නමා imf එකේ සිරකරුවකු වී ඇති බවත් එම නිසා සමගි ජන බලවේග රජයක් පිහිටුවන්නට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙන්න කටයුතු කරන ලෙසත් ඔහු කී ය.