බන්ධනාගාරගත කොට ඇති සැකකරුවන් අද (20) අධිකරණට ඉදිරිපත් නොකිරීම ගැන කොළඹ ප්රධාන මහේස්ත්රාත් වරයා ගෙන් නියෝගයක්
බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් කිසිවෙකු අද දින ( 20) අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වහාම අධිකරණ හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළේය.
බන්ධනාගාර නියාමකවරුන් සේවයට වාර්තා කර රැඳවියන් අධිකරණ කටයුතුවලට ඉදිරිපත් කිරීමෙන් වැලකි වෘත්තීය ක්රියාමාර්ග ගැනීම හේතුවෙන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට කිසිම බන්ධනාගාරය සැකකරුවකු ඉදිරිපත් කර නොතිබුණි.
ඒ පිළිබඳව කරුණු විමසු ප්රධාන මහේස්ත්රාත්වරයා එලෙස අධිකරණයට වාර්තා නොකළ නිළධාරින් පිළිබඳව ද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගය කළේය.