උණුසුම් පුවත්

බිංගිරියේ හිටපු සංවිධායක සමගි ජන බලවේගයට එක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසනයේ හිටපු සංවිධායක සෝමසිරි ගුණතිලක මහතා අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔහුට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයට සක්වල බස්රථ වැඩසටහනේ 83 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50 ක බස් රථයක් ලබා දීමට ගිය අවස්ථාවේදීය.

කලක් ගුරු වෘත්තියේ නියැලී ඇති ඒ මහතා පසුව වයඹ පළාත් සභාවේ සභානායකවරයා ලෙස, වයඹ පළාත් සභාවේ හිටපු උප සභාපතිවරයා මෙන්ම වයඹ පළාත් සභාවේ හිටපු උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබේ.

සෝමසිරි ගුණතිලක මහතා හිටපු වන සම්පක් හා පරිසර රාජ්‍ය අමාත්‍ය මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතාගේ සහෝදරයාද වේ.