උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

බුද්ධිමතුන් බිහිවන්නේ කෙසේ ද?

බුද්ධිමතුන් බොහෝමයක් ඉපදී ඇත්තේ පෙබරවාරි මාර්තු මාස වල!!?

මිනිස් ඉතිහාසය දෙස බලන විට මිනිස් ලොව එළිය කළ මිනිස් ජීවිතයට ජීවය කැවූ පුද්ගලයන් පහළ වී ඇති බව පෙනී යයි.

අඳුරු ලොවක දැවැන්ත පහන්  කුළුණු මෙන් ඔහු මිනිස් ජීවිතයේ ඒකාලෝක කළහ.ආගම් කතෘවරු ,මහා දාර්ශනිකයන්, කලාකරුවන්  සංගීතඥයෙන්, සාහිත්‍ය දරයන්, විද්‍යාඥයෙන්, ගණිතඥයන් ,ආදීහූ ඔවුන් අතර වෙති.

මෙවැනි මහා ප්‍රාඥයන් බිහිවෙන්නේ අහම්බෙන් සිදුවන දෙයකින්ද? කිසියම් අද්භූත බලවේගයක් නිසා ඔහු මෙම  බුද්ධිමත්බව උපතින්ම දායාද කරගෙන පැමිණියෝද?

එසේ නැතහොත් බාහිර පරිසරයෙන් ලද කිසියම් උත්තේජනයක් නිසා මෙම බුද්ධිමත් භාවය ලැබුවෝද.

අතීතයේ බුද්ධිමතුන් බිහි වූ කාල වකවානුව  පරීක්ෂා කරන විට එම බුද්ධිමතුන් බොහෝමයක් වසරේ පෙබරවාරි මාර්තු මාස වලදී ඉපදී ඇති බව පැහැදිලි වෙයි .

මෙම කාලයේදී සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන අධි ක්‍රියාකාරිත්වයන් නිසා මෙලෙස සිදුවන බව පර්යේෂකයින්ගේ අදහසවේ.

සූර්යයාගේ නිකුත් වන විකිරණ විශේෂයක් ජන්මාණු කෙරෙහි බලපා එම හේතුව නිසා සුපිරි බුද්ධිමතුන් බිහිවන බවට සමහරුන් තුළ විශ්වාසයක්ඇත.මෙම විශේෂ කිරණ නිකුත් කරන්නේ එක්තරා කාල පරිච්ඡේදයක් තුළදී පමණි.ඒ අනුව යුගයෙන් යුග්ග බුද්ධිමතුන් බිහිවන්නේ එක්තරා කාල පරිච්ඡේදයක් ආසන්නයේය . එය සනාථ කරන උදාහරණ බොහොමයක් ඉදිරිපත් කළ හැක.

ග්‍රීක දාර්ශනයකින් බොහොමයක් බිහිව ඇත්තේ එකමකම වකවානුවකය.ඇරිස්ටෝටල් ක්‍රිස්තු පූර්ව  384දීය.හිපොක්‍රටිස් ක්‍රිස්තු පූර්ව 377 ය. ආකිම් බිඳීස් ක්‍රිස්තු පූර්ව 287 දී ය.

ලලියනාඩුවෝ ඩාවින්චි  ක්‍රිස්තු වර්ෂ 1452 දී ය .මයිකල් ආන්ජලෝ  ක්‍රිස්තුවර්ෂ 1457  දී ය.ජොහැන්නස්  කෙප්ලර් ඉපදුනේ ක්‍රිස්තු වර්ෂ1517 දී ය. අයිසෙක් නිවුටන් ක්‍රිස්තු වර්ෂ1642 දී ය. මයිකල් පැරඩේ  ක්‍රි .ව.1791 දි ය.

කෙල්වින් ක්‍රිස්තුවර්ෂ1824දීය.එඩිසන් ක්‍රිස්තුවර්ෂ 1847දීය .චාල්ස් ඩාවින්  ක්‍රිස්තුවර්ෂ1809 දි ය. ගුග්ලිකෝ  මාර්කෝනි

ක්‍රි.ව.1874 දීය. ඇල්බට් අයින්ස්ටයින් ක්‍රිස්තුවර්ෂ1879 දී ය.

මෙතෙක් බිහිවී ඇති බොහෝ බුද්ධිමතුන් පිළිබඳව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වී ඇත්තේ ඔවුන් වැඩි සංඛ්‍යාවක් පවුලේ වැඩිමහල් අය එනම් කුළුදුල්  දරුවන් බවය

ලිලියන් ඩෙල්මන් සහෆ්‍රැන්සිස් ඒ මැරෙල්ලා යන මනෝවිද්‍යාඥයන විසින් ඕලන්දේ තරුණෙන් හාර ලක්ෂයක් පමණ සහභාගි කරවාගෙන කරන ලද පර්යේෂණයකදීද පවුලේ කුළුදුලුන් විශේෂ බුද්ධයකින් යුක්ති අය බව පැහැදිලි වී ඇත.

කුළුඳුල් උපත ලද දරුවන් ඉගෙනීමේ කටයුතුවලට දක්වන විශේෂ ලැදියාවක් නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ද විශේෂ ප්‍රගතියක් දක්වන බව පැහැදිලි වී ඇත.කෙසේම ඔවුන් අන් අයගේ ආදරයටත් අවධානයටත් ලක්වීමට කැමැත්තක් දක්වන බව පැහැදිලි වීඇත.තමන්ගේ ජීවන පරමාර්ථයෙන් සාක්ෂාත් කර ගැනීමට කුළුඳුල් දරුවන් විශේෂ පරීශ්‍රමයක් ගැන කටයුතු කරන බවද පැහැදිලි වී ඇත.

වෑකේන්   සහ ක්‍රෙමර් යන විද්‍යාඥයන් පවසන අන්දමට පසුව උපදින දරුවන්ට වඩා කුළුදුලේ උපදින දරුවන්ට මවගෙන් හෝමෝන විශාල ප්‍රමාණයක් ලැබීම නිසා ඔවුන් බුද්ධියය වැඩියෙන්   වර්ධනය  වෙයි.

ව්ලැඩිමියර් ඉපෝයිම්සන් නැමැති ජීව විද්‍යාඥා නිරීක්ෂණය කළ අන්දමට සමහර රෝගාබාධ බුද්ධිමත් බව හා සම්බන්ධව ඇත.

බීතොවන්, මායිකල් අන්ජලෝ, තෝමස්  මෝ, චාල්ස් ඩාවින් වාත රක්තයෙන් පෙළුණු බුද්ධමතුන්ගේ සංඛ්‍යාවට එක් වෙති.

වාත රක්තය නිසා කෙනකුගේ යුරික් අම්ල ප්‍රතිශතය ඉහළ නගි නගී.යූරි කම්බ ප්‍රතිශතය නිසා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිවීමෙන් එම තැනැත්තන් බුද්ධිමතුන් බවට පත් වෙති.

වෝජිනියා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥයවරියක් සහ පර්යේෂණ තොරතුරුnewsweek s සඟරාව පළ කරමින් පැවසූයේ කිසියම් පුද්ගලීගේ බුද්ධිමත්භාවය තීරණයට ඔහුගේ ප්‍රවීණි සාධක සියයට හැත්තෑවක්ම බලපානන බවය.

ඇය පැවසූ අන්දමට නූගත් ග්‍රාමීය  පරිසරයක ජීවත් වුවද  ,උගත් නගරික පරිසරික ජීවත් වුවද කෙනෙකුගේ බුද්ධි මට්ටම වෙනස්වීමට පරිසරයෙන් එතරම් දායකත්වයක් නොලැබෙන බවය.

සර්  සිරිල් බර්ට් නම් මනෝවිද්‍යාඥයා පවසන අන්දමට කෙනෙකුගේ බුද්ධි මට්ටම කෙරෙහි ඔහු ජීවත් වෙන සමාජ ආර්ථික පසුබිම ඉතාමත් දැඩිව බලපායි.

උගත්කම හා රැකියාව  අනුවඔහු සමාජීය පුද්ගලයන් කොටස් හයකට වර්ග කළේය.විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ  එයට සමාන උගත් මට්ටමේ සිට එන අය ඔහු පළමුව කොටසට වර්ග කළේ ය.

කය වෙහෙසා වැඩ කරන නූගතුන් නුපුහුණු කම්කරුවන් අයත් වූයේ හයවැනි කොටසටය.ඔහු කළ වර්ග කිරීම අනු බුද්ධි මට්ටමද වෙනස්වන බව වූ පැවසුවේය.

මේ අනුව ඇත්ත වශයෙන්ම බුද්ධිය යනු කුමක්ද ?

බුද්ධිය හා මොළය අතර කිසියම් සම්බන්ධතාවයක් ඇතිද ?

මන්ද බුද්ධික අය පිළිබඳව සලකා බැලීමේ දී නම් ඔවුන්ගේ මොළය ප්‍රමාණයෙන් කුඩා බව පෙනී ගොස් ඇත.

1983  දක්වා ම මිනිසුන්ගේ බුද්ධියේ තරම මැන්නේ ඔහුගේ හිස්කබලේ ප්‍රමාණය හැඩය අනුව ය.

නමුත් එම ක්‍රමය අද බොහෝ දෙනකුගේ අවධානයට යොමු වන්නේ නැත.

බුද්ධිමත් බව පිළිබඳව කලින් කලට බුද්ධිමතුන් අතර පැවැති මතයන්ද වෙනස්ය.

බුද්ධිමත් බව යනු ඉගෙනීමට හා කරුණු ගොඩනංවා ගැනීමට හැකියාවක් බවත් එය පුහුණු කිරීමෙන් ලබන ප්‍රතිපලයක් බවත් 1575 දී ස්පාඤ්  ජාතික කායික වෛද්‍යවරයෙකු ජුවාන්  හොආර්ට් පැවසී ය.

සමහර ජීව රසායන විද්‍යාඥයින් දක්වන ලෙස මිනිස් මොළය තුළදී ග්ලූකෝස්  සීනි වර්ගයෙන් ශක්තිය නිදහස් වීමේ වේගය කෙනෙකුගේ බුද්ධිමත්භාවය කෙරෙහි බලපාන බව ය.

ඔවුන් පවසන අන්දමට පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව අඩු වැඩීමට ඔහු පරිසරයෙන් ලබාගන්නා ආහාර සංයුක්තිය පවා බලපායි.

හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විශේෂඥ හොවාර්ඩ් ගාඩ්නර් පවසන්නේ මොළයේ ඇති ඇතැම් කොටස් විවිධ බුද්ධික්ෂේත්‍රවල විශේෂඥයක් දක්වන බව ය.

මිනිසා මොළයේ කිසියම් ස්ථානයක සිදුවුණු තුවාලයක් නිතැතින්ම ඔහුගේ බුද්ධියකරි බලපායි.මොළේ එම කොටස්වල වර්ධනය ඒ ඒ පුද්ගලයා අනුව වෙනස් වන නිසා ඒ පුද්ගලයාගේ බුද්ධියද වෙනස්වෙයි.

එම සුවිශේෂ වර්ධනය මත කෙනෙකු ගණිතය කෙරෙහි දක්ෂ විය හැක.තවත් කෙනෙකු සංගීතය කෙරෙහි දක්‍ෂ වියහැක.තවත් කෙනෙකුගේ දක්ෂතාවය චිත්‍ර කලාව කෙරෙහි විය හැක.

කෙනෙකුගේ බුද්ධිමත් බව මනින්නේ කෙසේ ද?

බොහෝ මනෝවිද්‍යාඥයින් මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කළ අතර වෙෂ්ලර් නැමති මනෝ විඥා ඉදිරිපත් කළ ක්‍රමය බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී ඇත.

වෙෂ්ලර්  ක්‍රමයේදී පුද්ගලයකුගේ වාචක හැකියාවන් සහ ක්‍රියාකාරී හැකියාවන් දෙවර්ගය  පරීක්ෂාවට ලක් කෙරේ.

වාචික හැකියාවම පිළිබඳව පරීක්ෂා කිරීමේදී කිරීමෙහිදී කෙනෙකුගේ සාමාන්‍ය  දැනුම සාමාන්‍ය වටහා ගැනීමේ හැකියාව සමානකන් සෙවීම සහ ගණිතමය ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කෙරේ.

ක්‍රියාකාරකම් පිළිබඳ හැකියාව පරීක්ෂාව ද යම්  ද්‍රව්‍ය වලින් භාණ්ඩ තැනීමේියාව බ්ලොක් සෑදීමේ හැකියාව ,එක් එක් පින්තූරවල අඩු ලුහුඬුකම් සෙවීමේ හැකියාව  ,පින්තූර උපයෝගී කරගෙන කතාන්දරයක් ගොඩනැංවීමේ හැකියාව පිළිබඳව සොයා බැලෙයි.

රූප සටහන් ඇසුරු කරගෙන පුද්ගලයකු සතු තර්කානුකූලව සිටීමේ හැකියාව උපයෝගී කරගෙන පරීක්ෂණයකට ලක් කර ඔහුගේ බුද්ධිපලය සොයා බැලෙන තවත් එක් ක්‍රමයක් රේවන් ක්‍රමය යනුවෙන් හැඳින්වේ.මෙම ක්‍රමයේ ඇති විශ්වාසත් තියෙනවා නම් ඕනෑම සංස්කෘතියක් තුළ මේවා භාවිතා කිරීමට හැකිවීමය.

ජූමන් ජාතික මනෝවිද්‍යාඥයකු විලියම්ස්ටර්න් කෙනෙකු ගේ  Intelligence  Quotient බුද්ධිමත් බව පුද්ගලයෙකුගේ මානසික  වයසේත් කායික වයසේත් අනුපාතය බව ප්‍රකාශ කළේ ය.

මෙය පුද්ගලයකුගේ  IQ අගය වශයෙන් හැඳින්වෙයි.

සාමාන්‍ය පුද්ගලයකුගේ මෙම අයි කිව්   අගය 91  සිට 110 දක්වා පවතී.දක්ෂ පුද්ගලයෙකුගේ අයි කිව්   අගය  111  සිට 124  දක්වා වෙයි. අතිශය බුද්ධිමත් පුද්ගලයෙකුගේ අයි කිව් අගය එකසිය විසි පහට වැඩි වෙයි.

එයට ප්‍රතිලෝම වශයෙන් බලන කල අය කිව්වා වගේ අනූවේ සිට 76 දක්වා අඩු වන විට ඔවුන්ගේ බුද්ධිය හීන අය වෙති.

පීටර්  කැනියුට් පෙරේරා