අයකු දෙවටෙන්, අනෙකා කදුරුදූවෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්තේ කහවත්ත විවිසුම් මාර්ගය අසල දී ඩිෆෙන්ඩර් රියක ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු සාහසික අයුරින් ඝාතනය කිිිිරීමට සම්බන්ධ යැ යි කියන තවත් පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගාල්ලලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙන්නා විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල දෙවට හා ඊට යාබදව පිහිටි කදුරුදූව යන ප්රදේශවල දී බව උසස් පොලිස් නිලධාරියෙක් හෙළදිවට පැවසී ය. අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් දෙදෙනා තංගල්ල අධිකරණය අසල ඔත්තු බලමින් සිටිය බවට තොරතුරු අනාවරණය වී ඇතැ යි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය.