ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන භාරත ජනපති යි හෙළදිව ජනපතියි මෙසේ හමුවූ වගයි 2024-12-170 ජනපති අනුර කුමාර දිසානායකගේ තෙදින ඉන්දීය නිල සංචාරය දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දු-ලංකා ජනාධිපතිවරුන් අතර සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී අද (16) පස්වරුවේ පැවැත්විණි. ඉන්දු - ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබිණ. සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපති අනුරයි මහා පරිමාණ ඉන්දීය ව්‍යාපාරිකයිනුයි අතර කතාබහ Next Article නව කතානායක පොළොන්නරුවේ වෛද්‍ය ජගත් වික්‍රමරත්න