යුක්තිය මෙහෙයුමට සමගාමීව ගලෙන්බිදුණුවැව දුෂණ මර්ධන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යකල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල දී කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී, මත්පෙති තොගයක් අලෙවියට සූදානම් කර සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මත්පෙති සමග අත් අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ තරුණයින් හා පාසල් දරුවන් ඉලක්ක කරගෙන එක් පෙත්තක් රුපියල් 250 කට අලෙවිකරන බවට පොලිසිය කල මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්.
මෙලෙස මත්පෙති ජාවාරම සිදු කරන බවට සැක පිට අත් අඩංගුවට ගෙන ඇත්තේ අමුණුවැටිය – මුරියාකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු හා මත්පෙති තොගය අද(17) කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.