දෙදෙනා ම සජිත් ගෙන් සමු ගනීවි ද?
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් කැඳවන ලද විශේෂ දේශපාලන සාකච්ඡාවකට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් මහත්වරුන් එක්වීම විශේෂත්වයක් සේ දේශපාලන නිරීක්ෂකයෝ දකිති.
කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයක මේ සාකච්ඡාව පැවැත්විණි. ඒ ඊයේ (30) සවස යාමයේ ය.
පසුගිය ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් බහුතරයක් ඊටඑක්ව සිටියහ.
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක සහ වජිර අබේවර්ධන යන මැති ඇමතිවරුන් ප්‍අතරට උදය ගම්මන්පිල මහතා ද එක්ව සිටියේ ය.
ඉකුත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරන් ප්‍රමුඛ පිරිසක් එයින් ඉවත්ව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමේ සැලසුමක නිරත වී සිටින බවට ආරංචි මාර්ග කියයි.