උණුසුම් පුවත්

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ත්‍රස්තයන් ගැන පුළුල් විමර්ශනයක්

පකිස්ථානයෙන් කළ සැලසුමක් ව්‍යවර්ථ නොවුණා නම් .......

ඉන්දීය ජනතාවට අති මහත් විනාශයක් කිරීමේ අපේක්ෂාවෙන් ලංකාවෙන් ගිය තවුෆික් ජමාත් කල්ලියේ ත්‍රස්තවාදීන් සිව්දෙනා ගැන පුළුල් විමර්ශනයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත් කරන ලද විශේෂ පොලිස් නිලධාරීන් වැඩ අරඹා ඇත.

ඉකුත් 19 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් චෙන්නායි බලා ගිය මේ අපරාධ කරුවන් හතර දෙනා ගුජරාට් ත්‍රස්ත මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කරන ලද විමර්ශනවලින් පසු මොවුන් ශ්‍රී ලාංකිකය බවත් ඔවුන් පකිස්ථානයේ අයිඑස්අයිඑස් ත්‍රස්වාදී නායකයා ගේ මෙහෙයවීම මත ඉන්දියාවේ මහා මිනිස් සංහාරයක් සඳහා පැමිණි බව අනාවරණය කර ගෙන ඇත.

සැකකාරයින් හතර දෙන‌ා ගෙන් එක් අයකු පොට්ට නවුෆර් නම් කුඩඅ ‍ජාවාරම්කාරයකුගේ පුතකු බවත් ඔහු ඇතුළු සිව් දෙනා ම මත්කුඩු ජාවාරමුන් බවත් පොලිසිය කියයි.

දැඩි මූලධර්මවාදීන් හතරදෙනකු වන මේ අපරාධකරුවන් මහා විනාශයක් ඉන්දියාවට කරමින් මරාගෙන මැරෙන්න‌ට ගිය ද ගුජරාට් පොලිස් ඇසෙන් බේරීමට නොහැකිවීමෙන් මේ ත්‍රස්තවාදීන් කරන්නට කළ සැලසුම ව්‍යවර්ථ වීමෙන් ජීවිත රැසක් බේරී ඇත.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ නිලධාරින්ගේ නායකත්වයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා මේ කමිටුව පත්කර ඇත.