උණුසුම් පුවත්දේශපාලන

මහැදුරු සුජීව ආචාර්ය හරිනිට එරෙහිව උසාවියට යයි

දේශපාලන පලිගැනීමක් බව ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පවසයි

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති  ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

 ඒ  ඔහු දැරූ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

පෙත්සමෙන් ඔහු පවසන්නේ තමන් සේවයෙන් ඉවත් කිරීම දේශපාලන අවශ්‍යතාවයක් මත සිදුවූවක් බවයි.

 

 

 උපකුලපති දුරයට නිසි බලධරයකු පත් කිරීමේදී අදාළ ක‍්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇති බවට ද දක්වන මහැදුරුවරයා  මෙහ දේශපාලන පළිගැනීමක් බවද වැඩි දුරටත් සිය පෙත්සමෙහි සඳහන් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රමුඛ, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේදනය මෙහි වග උත්තරකරුවන් කර තිබේ.