ඒ් ආණ්ඩුවට එරෙහිව. අහිමි කළ ආරක්ෂාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි
වත්මන් ආණ්ඩුවේ පාලකයින් විසින් ඉවත් කරනු ලැබූ තම ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මෙනෙවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා යන පිරිස වගඋත්තරකාර පාර්ශ්වය සේ නම් කර ඇත
මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, සිය ආරක්ෂාව සඳහා යොදා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට සෙසු සියලු දෙනා ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව බවයි.
මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත්, පොලිස් නිලධාරීන් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බව ද මහින්ද රාජපක්ෂ සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
තිස්ම හසුරුද්දක පමණ කාලයක් මේ රටේ පැවති යුද්ධයක් අවසන් කරන්නට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ පා සිටින බව මහින්ද රාජපක්ෂ මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් අධිකරණයට පවසමින් තමා ගේ රැකවරණයට යොදවා හුන් ආරක්ෂක පිරිස යළි ලබා දෙන්නට නියෝගයක් නිකුත් කරන්නැ යි අයැදැ සිටියි.
වත්මන්නෝ ආණ්ඩුවේ අත්තනෝමතික ලෙස පියවර ගෙන සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පස්වැනි ජනාධිපතිවරයා සිය නීතිඥයින් මඟින් කරුණු සඳහන් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටී.
එමෙන් ම තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තක්සේරුවක් කරන්නැ යි වගඋත්තරකාා පාර්ශ්වය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් රාජපක්ෂ මහතා ඉල්ලා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඉවත් කරන ලද සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබා දෙන සේ වගඋත්තරකරුවට නියෝගයක් නිකුත් කරන ලෙසට යි.