ගොවියෝ ඔහුට ද විරෝධය දැක්වූහ
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගොවි විරෝධතාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද එක් ව සිටියේ ය.
මේ උද්ඝෝෂණය පවත්වන ලද්දේ සමස්ත ලංකා ගොවි ජන සම්මෝලනයේ නායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුධ කොට ගත් පිරිසක් විසිනි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා මිල්කෝ ආයතනය විකිණීමට ආණ්ඩුව විසින් ගෙනැති තීරණයට විරෝධය දැක්වීම උදෙසා පැවති ගොවි විරෝධයට සහය දක්වන්නට ජයසේකර මහතා ද ඊට එක් වූයේ ය. ඔහුට එහි සිටි පිරිසක් විරෝධය දැක්වීඹත් සමඟ හේ එතැනින් ඉවත් වී වාහනයට නැග යන්නට ගියේ ය. හෙතෙම ගොවි සම්මේලනයේ නියමු නාමල් කරුණාරත්න මහතා කතා කරන අවස්ථාවේ ඔහු අසලින් ම සිටිනු දක්නට ලැබිණි.