ළදු කැළැවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 34ක පමණ තොගයක් යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.
එම කේරළ ගංජා තොගය පාර්සල් දහසයක අසුරා උරයක බහා සඟවා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.
එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන දහතුනකට අධික බවත්, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බවත් නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

