උණුසුම් පුවත්

මිල කළ නොහැකි දුර්ලභ වාලම්පුරිය ප්‍රවාහනයේදී කොටු

විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කලාපය බාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් වාකරේ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඊ.එම්.එන්.එස්. ඒකනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.23 වන දින වාකරේ පොලිස් වසමේ ඩයලොග් ගල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව අපෘශ්ඨවංශික මිලකල නොහැකි  ග්‍රෑම් 658 ක් බර ඉතා දුර්ලභ ගනයේ වාලම්පුරියක් වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.