අපේ රට හැම අතින්ම බෙදිලා තිබෙන රටක්. සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් බෙදිලා. හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධ කියලා බෙදිලා ඉන්නවා. විවිධ කුල බේදීම්ද තිබෙනවා. මේ විදියට බෙදලා අපේ රටට ඉදිරියට යන්න බැහැ. ජාතික ජන බලවේගය අපේ ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කිරීමයි. කථා කරන භාෂාව අනුව, අදහන ආගම අනුව තමන්ගේ සංස්කෘතිය අනුව ජනතාව බෙදුණු යුගය අපි අවසන් කළ යුතුයි. එහි ආරම්භක පියවර තමයි දේශපාලන මතවාදයක් ලෙස, දේශපාලන ව්‍යපාරයක් ලෙස සියලු ජනතාව එක කොඩියක් යටතට එන්න ඕනෑ. ජාතින් හැටියට බෙදිලා දේශපාලනය කරලා එකතු වෙන්න බැහැ.
පැරදුන අය කවදාවත් හිතුවේ නැහැ පරදියි කියලා. අපේ රටේ පාලන බලය සීමිත පවුල් කිහිපයක් අතරයි තිබුණේ. හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඒ දූෂිත , විනාශකාරී පවුල් සංස්ථාවෙන් පොදු ජනතාව අතට බලය මාරු වුණා. ඔවුන් එය කවදාවත් සිතුවේ නැහැ. ඒ නිසා ඔවුන්ට එය දරා ගන්න බැහැ. වේදනාවෙන් කෑ මොර දෙනවා. සති තුනෙන්, මාස තුනෙන්, අවුරුද්දකින් වට්ටනවලු. නමුත් මේ ආණ්ඩුව මේ රට හදලා මිස ආපසු හැරෙන්නේ නැති බව මතක තියා ගන්න. මේ දේශපාලන ව්‍යාපාර සියල්ල දිය වෙන්න පටන් ගන්නවා. ජනාධිපතිවරණයේදී ගත්තාට වඩා එක ඡන්දයක් වැඩියෙන් අරන් පෙන්නන්න කියලා මම ඔය වට්ටනවා කියන අයට කියනවා. මොන වැට්ටිලිද? ජනාධිපතිවරණයටත් වඩා බිමට එයාලා වැටෙනවා.
හැබැයි ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේ දී ගත්තාට වඩා වැඩියෙන් ඡන්දය ගන්නවා. වන්නි දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේදී තිබුණේ ඡන්ද 21,000 යි. මහ ඡන්දේ කොහොමද? ඉතිං වට්ටන්න පුළුවන්ද? ජනතාවගේ විශ්වාසය වැඩියෙන් දිනා ගන්නා පක්ෂය. ඡන්දය නොදුන් ජනතාවත් විශ්වාස කරන පක්ෂය. ඒ නිසා වට්ටන කතා ඔවුන් හිත හදා ගන්න කියන කතා. ජනතාවගේ ගැටලු විසඳමින්, දේශපාලනය පිරිසිදු කරමින්, ජාතික ජනබලවේගය මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් මේ කටයුත්ත කරනවා.
නොවැම්බර් මාසයේ 14 වෙනිදා තිබෙන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්රමදානයයි. අවංක, අදූෂිත, ජනතාවගේ දුෂ්කරතා අසළ සිටි මිනිස්සු නොවැම්බර් මාසේ 14 වැනිදාට පාර්ලිමේන්තුවට යවන්න. අපි අලුත් රටක් හදමු. අපි අලුත් දිශාවකට මේ රට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්ව පොර බදමු. මේ සැරේ දිනන්න ඕන දිනිල්ලක් අනිත් අයගේ ඇහැට කඳුළු එන්න. ඇඬෙන්න දිනන්න ඕනෑ.