උණුසුම් පුවත්

යම්කිසි අපරාධයක් සිදු කිරීමේ ඇරමුණින් බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ උණඩ රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

ශේෂ කාර්ය බලකාය කුරුණැගල කඳවුරේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් කුරුණැගල කඳවුරේ උප පොලිස් පරීක්ෂක කේ.ඩී.එච්.කේ. ගයංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  ගොකරැල්ල පොලිස් වසමේ උතුරුපහුව පන්සල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එම උණ්ඩ සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා ගොකරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.