මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු කාරණා සාකච්ඡා වූ වගස
යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා යුරෝප සංගමයේ තානාපති කාර්මන් මොරෙනෝ මහතා, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවය, ASIAPAC.6 (දකුණු ආසියානු) අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා, යුරෝපා සංගමයේ නියෝජ්‍ය නියෝජිත ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා, යුරෝපීය කොමිසමේ ප්‍රතිපත්ති නිලධාරී ගයිඩෝ ඩොලාරා මහතා, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ මෙරට නියෝජිත ගලිජා අගිසේවා මහත්මිය, යුරෝපීය කොමිසමේ ප්‍රතිපත්ති නිලධාරී බාර්ටොස් ව්ලැඩිස්ලෝ ඔටචෙල් මහතා සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ප්‍රතිපත්ති නිලධාරී මයිකල් ඩොඩිනි මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.
මෙහි දී දෙපාර්ශ්වය අතර මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. එසේම GSP+ සහනය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙරට ඇගලුම් ඇතුළු අපනයන භාණ්ඩ සඳහා යුරෝපා සංගමය තුළ වැඩි වෙළෙඳපොළ අවස්ථා ලබා දෙන ලෙසයි. එය මෙරට අපනයන ආදායම වැඩි කර ගැනීම කෙරෙහි මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරටට අපනයන කෙරෙහි පනවා ඇති 44%ක ප්‍රතිචාරක බද්ධ නිසා සිදුවන බලපෑම ද අවම කර ගැනීමට හැකිවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් මහතා මෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය චන්දිමා විජයගුණවර්ධන, ආචාර්ය මහීම් මෙන්ඩිස්, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය නදීෂා ද සිල්වා, සුරංග රණසිංහ, කසුම් විජේතිලක සහ දිලුම් අලගියවන්න යන මහත්ම මහත්මීන් ද එක්විය.