රටේ ජනතාව බඩගින්නෙන් ඉන්න කොට ජනපති රජයේ නිලධාරීන් උපයෝගී කර ගෙන ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රිවරු බිලිබා ගන්න හදනවා සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීම සඳහා අයි.එම්.එෆ්. එක කිව්වා කියා වැට් බදු ඇතුළු බදු අධික ලෙස වැඩි කර තිබියදී පාසල්වල පරිගණක නොමැති තත්ත්වයක් උදා වී තිබියදී රටේ ජනාධිපතිවරයා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ 2000 ක් උපයෝගී කර ගෙන විදේශ සංචාරයේ යෙදෙමින් බංකොලොත් රටේ මහජනතාව හාමතේ සිටින විට ජනාධිපති ප්රමුඛ රජය සුරසැප විඳින බව විපක්ෂ නායකවරයා පැවසී ය.
රටේ බදු මුදල් වියදම් කර ලෝක සවාරි යන්න ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කළ බව කී ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙන්ම පාර්ලිමේන්තු නිලධාරීන් පවා කතා කරමින් මෙවැනි ආරාධනා සිදු කරන බව ද ප්‍රකාශ කළේ ය. පාසල් දූදරුවන්ට හරිහැටි අධ්‍යාපන උපකරණ නොමැතිව දුක්විදින මොහොතක ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් උපයෝගී කර ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු බිලි බා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරය කරන විට විපක්ෂ නායකවරයා ලෙස තමා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසලකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමට හැකිවීම තමා ලැබූ ලොකුම භාග්‍යයක් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද (19) සක්වල වැඩසටහනේ 70 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරන ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. බස්නාහිර පළාතේ පිහිටි පාසලක් වුවත් මේ පාසලේ සිසු දූදරුවන්ට ඉගෙන ගැනීම සඳහා පරිගණකයක් හෝ නොමැති වීම සුවිශේෂී වේ.
යල්පැන ගිය විෂය නිර්දේශ නිසා දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා
අද වන විට ලෝකයේ දියුණු රටවල් තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ගෙන ඇතත් අප රටේ පාසල්වල සිසුදරුවන් කී දෙනකු එවැනි තාක්ෂණයෙන් සවිබල ගැන්වී ඇත් ද කියා ගැටලුවක් පවතිනවා. පවතින දුර්වල අධ්‍යාපන ක්‍රමය තුළ යුගයට නොගැලපෙන යල්පැනගිය පැරණි අධ්‍යාපන වැඩපිළිවෙළක් හරහා රටේ දරුවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කරලා" විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
රටේ යථාර්ථය දරුවන් දැන ගත යුතු යි
මේ රටේ ඇති තතු, ඇත්ත, සත්‍ය, යථාර්ථය, ප්‍රායෝගිකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් සමාජ මාධ්‍ය තුළින් ඕනෑ තරම් මඩ ප්‍රචාර දියත් කළත් රට පාලනය කරන නායකයෝ සිදු කරන දේ සම්බන්ධයෙන් රටේ දරුවන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. එය දේශපාලනය කතා කිරීමක් නොව දරුවන් තොරතුරුවලින් සවිබල ගැන්වීම බවත් හෙතෙම කීයේ . තොරතුරු දැන ගැනීමේ අයිතිය වැඩිහිටි පුද්ගලයන්ට මෙන්ම පාසල් දරුවන්ටද ඇති අයිතියක් බවත් එය තවදුරටත් ශක්තිමත් කිරීම තමාගේ අරමුණ බවත් ඒ අරමුණ වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
ඇගලුම් කම්හල් ගිනි තියපු අය ඩොලර් ගේන එක ගැන අපූරු කතා කියනවා
එක්සත් විකල්ප යැයි කියා ගන්නා දේශපාලන පක්ෂයක සාමාජිකයකුගේ බිරිඳක් වන සමන්මලි නම් කාන්තාවක් විසින් වෙනත් වෘත්තියක් නීතිගත කළ පසු විදේශ විනිමය ලබා ගත හැකි යැයි පවසා ඇති කතාවක් මතක් කළ හේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කරන විට සුද්දියන්ට යට ඇදුම් මහන්න ගමේ කොල්ලන් කෙල්ලන් යොදා ගන්නවා යැයි මතවාද පතුරවමින් එම කර්මාන්තශාලා ගිනි තැබූ පුද්ගලයන්ම තොරතුරු තාක්ෂණ අපනයනය, නිෂ්පාදන කර්මාන්ත අපනයන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදන අපනයනවලට වඩා වෙනත් වෘත්තීන් උපයෝගී කර ගෙන ඩොලර් සෙවිය හැකි බව පවසනවා. මෙවැනි අයුතු යෝජනාවලට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු යි. ආගම ධර්මය සංස්කෘතියට සදාචාරයට පිටුපා මෙවැනි වෘත්තීන් නීතිගත කර ඩොලර් සෙවීම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ" විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
2019 වගේ නැවතත් රැවටෙන්න එපා
2019 රට රැවැට්ටුවා සේ නැවතත් ජනතාව රවටමින් සිටින බවත් මේවාට රැවටෙනවාද කියා ජනතාව සිතිය යුතු බවත් ඇත්ත කතා කරද්දි තමාව වාරණය කරන්න කාටවත් නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 70ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 676ක් වැය කර තිබේ.