ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

රටට ජනතාවට නැඟිටින්නට උදව් කරන්න

රුසියානු තානාපති Mr. Levan Dzhagaryan ගෙන් සජිත් ඉල්ලයි

දිට්වා සුළි කුණාටුව නිසා මෙරට ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැවත ජන ජීවිත නගා සිටුවීමටත් විනාශ වූ දුම්රිය සහ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට ගැනීමට සහ හානියට පත් යටිතල පහසුකම් නගා සිටුවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතියරයාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ඉල්ලා සිටියේ ය.

එසේම මේ අසීරු අවස්ථාවේ රුසියානු රජය විසින් මෙතෙක් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය ස්තූතිය රුසියානු තානාපති Mr. Levan Dzhagaryan මහතා වෙත එක් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කටයුතු කළේය. දීර්ඝ කාලීන මිතුරන් ලෙස දෙරට අතර ඇති වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට උපකාර කරන ලෙසත් ඒ තුළින් වැටී ඇති රට නැවත නගා සිටුවීමට විශාල පිටුබලයක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසුුුවේ ය.