උණුසුම් පුවත්දේශපාලනසාහිත්‍යය හා කලාව

රත්නශ්‍රී ට පුස්තකාල සේවා මණ්ඩලයේ නව සභාපති ධූරය!!!

20 වැනි සභාපති රත්නශ්‍රී

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සම්මානලාභී  ප්‍රවීණ කිවිවර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පත් කෙරේ. 

හේ  අද උදේ (16) සිය ධුරයේ වැඩ බාර ගත්තේ ය. 

 නව සභාපති රත්නශ්‍රී  ජතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 20 වැනි සභාපතිවරයා යි. 

රත්න ශ්‍රී විජේසිංහයන් සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ හා සිංහල ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණ කරුවෙකි.  ඔහු ගේ ගීපද වැල් පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්, ගුණදාස කපු‌ගේයන්, කරුණාරත්න දිවුල්ගනේ,   ප්‍රමුඛ හෙළයේ සම්මානනීය ගායක ගායිකාවන් මෙන් ම නව පරපුරේ ගායන ශිල්පීන් ද රැසක් රත්නශ්‍රී ගේ පන්හිඳෙන් ගිලිහුණු පදවැල්වලට හඬ මුසුකර  පොදු ජනයාට ඒවායේ   අරුත්බර මිහිර  විඳිගන්නට  ඉඩහසර පෑදීම කෙතරම් අගේ කළ යුතු දැ? 

ආචාර්ය විජේසිංහයන් හා නව අධ්‍යක්ෂ මණ්ඩලය ද අද දින වැඩ බාර ගැනීම සිදු කරන ලදි. 

 ජන නියමු කලාකරුවන්ගේ සංගමයේ සාමාජික ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ, කමල් පෙ‍රේරා ඇතුළු පිරිසක් ද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල්, අධ්‍යක්ෂ සේනානි බණ්ඩාර, අධ්‍යක්ෂ පද්මා බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් සහ කාර්ය මණ්ඩලය එක් වූහ.
හෙළදිව ඊ පුවත් සංග්‍රහය රත්නශ්‍රී විජේසිංහයාණන්ට උණුසුම් සුබ පැතුම් එක්කරමින් හද පිරි සංතුෂ්ටියෙනි