හිනා පිරුණු හේළංකඩ
රෑට පිපෙන මල්....
හිනා පිරුණු හේළංකඩ
තියා අටවකේ පුර හඳ
රෑට මොටද රුක් අත්තන මල්
කඩා වැටෙන්නැති තරුවල
එළා බර වැඩිම කවි කොළ
හීන මවමි රෑ එළිවෙන කල්
දුන්න දුණුවකේ වරපට
බැන්ද අරුමැහේ
විද්ද හීය තව දුර ඇදුණා
වන්නි වනපෙතේ අඳුරෙම
කෝම කෝම හරි මල් පිපුණා
පේන මානයෙන් එපිටට
කෝල කොමල ගං
ඈත ඈත දුරු රට ගැලුවා
පාට පාට නැති කරුමෙට
රෑට පිපෙන මල්
කාට කාට හරි හිත පිදුවා
- ඉරෝෂිනී බණ්ඩාර -
කිරිලියක හඬයි....
සිල් ගත්තු සුදු ඉද්ද මල් යාය වැනසී 
නිල් නෙතක පුරෝගන කඳුළු වැල් දිලිසී
විල් තෙරක දිය මතින් හඬන නෙත් පියසී
පිල් ලමෙන් පවා ඇස් තෙමෙනවා දිලිසී..
තියුණු කටු තුඩු මතින් ඉරා හද කැබලී
මැරුනු සිතුවිලි මතින් සුසුම් පොදි පැටලී
දැවුනු ගිනිදැල් වලින් පිළිස්සුනු ඇඟිලී
කැඩුනු තටු වලින් දුර යන්න බෑ ඉඟිලී…
තටු කැඩී අසරණව එකම තැන රැදෙමී
පිටු අතර සැඟව ගිය පිහාටුව සොයමී
දුටු එරන් සිහිනයට සදා පෙම් කරමී
කටු මතින් මල් පිපෙන දින පියා සලමී…
සිසිල විඳ ඉගිල ගිය නිල් අහස් කුස අරා
සසල විය හදවතම කඳුළු බිඳු වැල් පුරා
අසල බිම වැටුන පෙම අසල මතකය දරා
නිසල අහසට කියමි ආදරෙයි දිවි තුරා
- සංජීවනී පද්මසේන -
ප්‍රේමය…
සිහින මවමි තනි යහනේ
..
ප්රේමය නුඹ මා හැර ගියාද?
පාඵ නිසොල්මන් යහනේ..
සදවති සිතල සිපගනිමින්..
තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා..
මතක් උනා අතිතය..
“මල් වත්ත පාර”..
නුඹ මා දැක්කේ සුදුම සුදු නෙඵමක් වාගේ..
තාමත් දැනෙනවා ඵ් සුවද..
ලෝභයි ඵ් ආදරේට..
දෙනුවන් කදුලින් තෙත්උනා..
සුසුමක් හෙලුවා හිස් අහසට..
සද කුමරි නිදිමතින්.. මිමුනුවා ගියක්..
“තරු අත් අකුරින් ලියා ඵවමි ඔබට පෙමි පත..
ඔබේ සෙවන පමණි මිහිපිට ඇති ඵකම සමිපත..”
හදවත නතර උනා මොහොතක්.. ඉකිගසන්න
වාරු නැ හදවතට..
උහුලන්න බැරි තනිකමක්..
සිතලට ගුලිවෙචිච කාමරේක..
රැහැයි හඩට තුරුලුව.. මුමුනනවා
නුඹේ පෙමි හසුන්..
ගහකොළ නිසෝල්මනේ නැවතුනා..