මධුෂිකා ගේ කවි
හැදුවෙ හැම තප්පරෙත්
හිදින්නයි ලග මදක්
ආදරේ හින්දමයි
නොවෙයි වෙන කිසිදෙයක්
එක් දිනක් නොදුටුවොත්
රිදෙනවා හිත ගොඩක්
නුඹයි මගෙ සැනසීම
වගෙ භාවනාවක්
ඔබෙ හඩ නැසුවොත්
දැනෙයි මහ පාළුවක්
දවස නෑ ගෙවෙන්නෙම
වගෙයි එක කල්පයක්
එකතු කර මගෙ දෙයත්
වැන්දානම් දෙවි රැවක්
නුඹව රැකගන්නමයි
වටින හින්දම ගොඩක්
සංසාරේ මතු මතුත්
තියේ එක පැතුමක්
තියේ එක පැතුමක්
ඔබ එන්න මගෙ වෙලා
හැර නොයා වෙනතක්....
2024. 02. 22.